Gossip

මැ.කො. කටවුට් ගැලෙව්වාට අපේක්ෂකයාට ඉවසුම් නැතිව උපවාසයේ

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන අපේක්‍ෂකයකු වන සුධීර ගංකේවෙල මහතාගේ පොලොන්නරුව බැඳිවැව ප‍්‍රදේශයේ පිහිටි මැතිවරණ ප‍්‍රචාරක කාර්යාලය ඉදිරිපිට ප‍්‍රදර්ශනය කර තිබූ ‘කටවුට්’ කිහිපයක් මැතිවරණ කොමසමේ නිලධාරීන් සහ පොලිසිය විසින් ගලවා ඉවත් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් ඒ මහතා ඊයේ (01) පෙරවරුවේ සිට උපවාසයක් ආරම්භ කර තිබේ.
ඔහු තම පක්‍ෂ කාර්යාලය ඉදිරිපිට ඇති විශාල ගසක් යට අඩි 08ක් පමණ උසකින් අට්ටාලයක් තනා ඒ මතට නැග උපවාසයේ යෙදී සිටියේය. තම කාර්යාලය ඉදිරිපිට තිබූ ‘කටවුට්’ ගලවාගෙන යෑම නීති විරෝධී ක‍්‍රියාවක් බවත් ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් සිදු කරන තෙක් තමන් අඛණ්ඩව උපවාසයේ යෙදීමට තීරණය කළ බවත් උපවාසකරු කීවේය.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප‍්‍රදර්ශනය කර තිබෙන කටවුට් පොලිසිය යොදවා ඉවත් කිරීම සිදු කරන බව මැතිවරණ කොමිසමේ නිලධාරීහු ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ප‍්‍රකාශ කළහ. එම කාර්යාලය ඉදිරිපිට ප‍්‍රදර්ශනය කර තිබූ කටවුට් ඉවත් කර ඇත්තේ ද ඒ අනුව යැයිද ඔවු පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!