Gossip

“මැණිකේ මගේ” පාර්ලිම්න්තුවට කැඳවයි

ප්‍රතිනිර්මාණය කළ “මැණිකේ මගේ ගීතය” ගයනා කරමින් ප්‍රසාදයට පාත්‍ර වූ නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එය සංවිධානය කරන බව එම සංසදයේ ලේකම්, පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 නිවාරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගිවීමට නියමිතයි.

එම වැඩසටහන පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පවත්වන බව කුෂානි රෝහණදීර මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය විසින් ගායනා කරනු ලැබූ ප්‍රතිනිර්මාණය කළ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වන විට දේශීය හා විදේශීය වශයෙන් ජනාදරයට පත්වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!