Gossip

මැකෝ සිය ධූරයෙන් ඉවත් වීමට ඉල්ලීම් කරයි..

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායකවරයාට දන්වා තිබෙන බවට වාර්තා වෙනවා.

කථානායක මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වු කථානායකවරයා සඳහන් කර ඇත්තේ, මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පුර්ණ කාලයම එහි කටයුතු කිරිම සුදුසුය යන්න තම අදහස බවයි.

විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නා‍යකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටුකළ විශිෂ්ඨ කාර්යභාරය අගය කළ කථානායකවරයා සඳහන් කර තිබෙනවා.

මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරිම සඳහාත්, ඉදිරියේදී එළඹන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇති බවද කථානායක කරූ ජයසූරිය මහතා මෙහිදී අවධාරණය කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!