Gossip

මා එක්ක ඉස්කෝලෙ ගිය උඹ, ඉස්කෝලේ ඇරිලා මාත් එක්ක ගෙදර එන්න බුදු මැදුර ළඟ බලන් ඉඳපු උඹ, අද මටත් නොදැනිම යන්න ගිහින් – තීක්ෂණ සැවොම හඬවා අවසන් ගමන් යයි

අයෙක් ජීවිතය එපා වී ජීවිතයෙන් සමුගන්නකොට තවත් අයෙක් ජීවිතය ජීවත් කරවන්න පොර බදනවා ඇති.

හැබැයි සමහර ජීවිත ජීවත් කරවන්න ලොකු යුද්ධයක් දීලාත් ඒ ජීවිත බේරාගන්න බැරිවෙන අවස්ථා තියෙනවා.

අපි මේ කියන්න යන්නේ එහෙම කතාවක්.

ඔහු නමින් තීක්ෂණ අබේසේකර.

මහරගම අපේක්ෂා රෝහලේ දී ජීවිතේ ගොඩදාගන්න ලොකු සටනක් කරලා අද ජීවිතයෙන් සමුගෙන ගිහින්.

තීක්ෂණ බොරැල්ල කන්නන්ගර විදුහලේ සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වී කොළඹ තර්ස්ටන් විදුහලේ ගණිත අංශයේ උසස් පෙළ හදාරා මොරටුව විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හමාර කළේ මීට වසර දෙකකට පෙරයි.

වයස අවුරුදු 26 ක් වන මොහු සන්කෙන් ලංකා ආයතනයේ සිවිල් ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරලා තියෙන්නේ.

මෙම වයසේ තරුණයෙකුට ඉතාමත් කලාතුරකින් වැළදිය හැකි T-ALL නැමැති ලියුකේමියා රෝගය මොහුට වැලදී ඇති බව පසුගිය 13 වෙනිදා ජයවර්ධනපුර රෝහලෙන් තහවුරු කළ පසු, එදින ම අපේක්ෂා රෝහලට ඇතුළත් කරලා තියෙනවා.

හැබැයි අද ඔහු සදහටම ජීවිතය අතහැර ගොස් හමාරයි.

මේ තීක්ෂණ ගැන යහළුවෙක් තිබූ සටහනක්.

තර්ස්ටනයට ආ දා ඉඳන් මා එක්ක උදේ 6 බස් එකේ ඉස්කෝලෙ ගිය උඹ… ඉස්කෝලේ ඇරිලා මාත් එක්ක ගෙදර එන්න බුදු මැදුර ළඟ බලන් ඉඳපු උඹ …. අද මටත් නොදැනිම යන්න ගිහින්…theekshana මට හමු වුන අහිංසකම වගේම ඉගෙන ගන්න පුදුම කැපවීමක් තිබුන මිත්‍රයෙක් උබ.නිවන් සුව මගේ මල්ලි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!