Gossip

“මාව නම් ඕනමද කියලා මම දන්නේ නෑ. මම නැතුව දසුන්ට ඉන්න පුළුවන්, එයාට කාන්තා ආකර්ෂණය හොඳටම වැඩියි”

දසුන් පතිරණ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්.
පසුගිය දවස්වල දසුන් ගැන එක එක කතා පැතිරෙන්න පටන් ගත්තා.
ඒ හැමදේම ගැනත් තවත් බොහෝ විස්තරත් දසුන්ගේ බිරිඳ හංසි මේ විදිහට හෙළිකරලා තිබුණා.

ආදරය කරන කාලේ දසුන්..?
අපි ඉතිං වැඩිපුරම කතාබහ කළේ දුරකතනයෙන්. මොකද මම හිටියේ ස්වීඩන්වල.
අපි දෙන්නට හැම වෙලාවෙම කතා කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මම කෝල් කළොත් එයා වැඩක ඉන්නවා නම් ඒක හරි කියනවා.
මගහැරියේ නැහැ. දසුන් හරිම ආදරණීයයි. මට විතරක් නෙවෙයි එයා අනෙක් අයටත් ආදරය කරන්න හොදට දන්නවා.

සැමියෙක් විදියට දසුන්..?
දසුන් හරිම දග චරිතයක් වගේනේ, හැමෝටම පේන්නේ. හැබැයි එයා සැමියෙක් විදියට හරිම තැන්පත්.
ගෙදර ඉද්දි හරිම නිහඩ චරිතයක්. එළියේ ඉන්න දගකාරයා නෙවෙයි ගෙදර ඉන්නේ.
සැර කරන දරදඩු සැමියෙක් නෙවෙයි එයා. එයා යාළුවෙක් වගේ හරිම මිත්‍රශීලියි.

තාත්තා කෙනෙක් විදියට..?
තාත්තා කෙනෙක් වුණාම එයා පුදුම විදියට වෙනස් වුණා. බබා හම්බ වෙන්න ඉන්න කාලෙත් එයා හරිම Caring දුවව දැක්ක ගමන් එයාගේ මූණට ආවේ මාර ලස්සන හිනාවක්.
මට බබා ලැබෙද්දි එයා තමයි Stress වෙලා හිටියේ. දුව ඉපදුණාට පස්සේ එයා ගැන හරියට හිතනවා.
බබා චූටි නිසා නාවන වැඩ වුණත් කළේ එයා. දසුන් හරිම ආදරණීය තාත්තා කෙනෙක්.

විලාසිතා වලට දසුන්ගේ කැමැත්ත.?
එයා ලස්සනට අදින්න කරන්න ආසයි. හැබැයි එයා විච්චූරණ දේවල්වලට කැමැති නැහැ.
මම මේකප් කරනවට, අඩු ගානේ මම ලිප්ස්ටික් ගානවටවත් එයා කැමැති නැහැ. මම කරාබු දෙකක් එහෙම දාගෙන හිටියොත් ‘ආ, කරාබු දාලා නේද ?’ කියලා අහනවා. ගලවනකම්ම ඒක කියනවා. හැබැයි බල කරන්නේ නැහැ.

ආසම කෑම..?
එයා ආසම තාත්තා උයන කෑමවලට. තාත්තා සැරට කෑම හදනවා. තාත්ත උයන බීෆ්, කරි චිකන් එහෙම කන්න එයා හරි පෙරේතයි.

දසුන් කරන වැඩවලින් ආසම නැති දේ..?
දසුන් රංගන වැඩවලට උදේ ගියාම එන වෙලාව හිතාගන්න බෑ. මොකද වැඩේට ගියාම එයා ඒ වැඩේ තමයි ජීවත් වෙන්නේ.
ගෙදර එන්න පරක්කු වෙන එක තමයි මම කැමැතිම නැති දේ. ඒත් දැන් මම ටිකක් තේරුම් අරගෙන ඉන්නවා එයාගේ තත්ත්වය ගැන.

දසුන්ට තරහක් ආවම..?
තරහක් ආවම එයා කෑගහලා තරහා පිට කරනවා. එයා කතා කරන විධියෙන්ම හිතාගන්න පුළුවන් එයාට තරහා ගිහින් තියෙන්නේ කියලා. හැබැයි ටික වෙලාවකින් එයාට මොකද වුණේ කියලත් අමතකයි.

දසුන්ගේ විශේෂ පුරුදු..?
දසුන් කතා කරද්දි හරිම කලබලයි. එයා කතා කරද්දී එයාට ‘හ’ කියැවෙන්නේ නෑ. ඒ වෙනුවට ‘අ’ තමයි කියැවෙන්නේ. කතා කරද්දි තියෙන කලබලයට එයාට වචන පැටලෙනවා. ඒ වගේම පිටට ගියාම හොදටම දගලනවා. හරියට වයින් කරලා තිබ්බා වගේ.

දසුන්ට නැතුවම බැරි අය..?
එයාට එයාගේ යාළුවෝ නම් නැතුවම බෑ. ඒ වගේම අම්මා, තාත්තා, නංගි ඕනමයි. දැන් එයාට ඕනම කෙනා දුව.
මාව නම් ඕනමද කියලා මම දන්නේ නෑ. මම හිතන විදියට මාව නැතුව නම් ඉන්න පුළුවන් ඇති.

දසුන්ගේ ළගම යාළුවෝ..?
රොෂාන් රවීන්ද්‍ර, ධනුක, අඛිල, අමල් අයියා, ප්‍රියන්ත සිරිකුමාර අයියා තමයි නිතරම ගෙදර යන්නේ එන්නේ. දසුන්ට ඉතිං ගොඩක් යාළුවෝ ඉන්නවා.

දසුන්ට තියෙන කාන්තා ආකර්ෂණය..?
එයාට කාන්තා ආකර්ෂණය හොදටම වැඩියි. තරුණ අය වගේම පනහ හැට පැන්න අයත් දසුන්ට කැමැතියි. දසුන් ඉතිං හැමෝටම එක විදියට ආදරෙයි. ගැහැනු, පිරිමි භේදයක් එයාට නැහැ.

දසුන් දෙන තෑගි..?
එයා මට තෑගි ගෙනත් දෙන්නේ නැහැ. අපි විශේෂ දවස් කියලා සමරන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් කියලා තෑගි බෝග ගෙනත් දෙන කෙනෙක් නෙවෙයි එයා. හැබැයි දවසක් බ්‍රේස්ලට් එකක් අරන් දුන්නා.

අනෙක් අය නොදන්න දසුන් ගැන දන්න රහස..?
දසුන් ඉන්නේ හරියට කිසි දෙයක් ගණන් නොගන්න ගානටනේ. ඒත් එයා හරිම සංවේදීයි. ඒක එයා කාටවත් පෙන්නන්නේ නැහැ.
එයා වොලවට කියනවා මම නැතුව වුණත් එයාට ඉන්න පුළුවන් කියලා. ඒත් එයා මගේ හිත රිද්දන්න පොඩ්ඩක්වත් කැමැති නැහැ.
එයාට කාගෙවත් හිත රිද්දන්න බෑ හරිම සංවේදීයි. එයා කොච්චර සංවේදී ද කියනවා නම් එයා ෆිල්ම්ස් බලලත් තනියම අඩනවා තාමත්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!