Gossip News

මාතලේ වැසිකිළියක් නැති පවුල් 10904 ක්, නිවසක් නැති පවුල් හත්දහසක්.

මාතලේ දිස්ත‍්‍රික්කය තුළ තමන්ටම කියා වැසිකිළියක් නැති පවුල් සංඛ්‍යාව දසදහස් නවසිය හතරකි. නිවසක් නැති පවුල් සංඛ්‍යාව හත්දහසකි. ඉඩමක් නැති පවුල් සංඛ්‍යාව හාරදහසකි. දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉකුත් වසරේ සිදුකළ සමීක්‍ෂණයකදී ඉහත තොරතුරු අනාවරණය වී ඇත.

දිසාපති කරුණාසිරි පෙරේරා මහතාගේ උපදෙස් පරිදි රැස්කළ මෙම සංඛ්‍යාලේඛනවලට අනුව වැසිකිළි අවශ්‍යතා සඳහා කැලය භාවිත කරන පවුල් සංඛ්‍යාව 691 කි. කිසිදු වැසිකිළි පහසුකමක් නැති ගලේවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සංඛ්‍යාව 114 කි. දඹුල්ල පවුල් 193 කි. නාඋල පවුල් 49 කි. පල්ලේපොල පවුල් 21 කි. යටවත්ත පවුල් 28 කි. මාතලේ පවුල් 45 කි. අඹන්ගඟකෝරළේ පවුල් 39 කි. ලග්ගල පල්ලේගම පවුල් 46 කි. විල්ගමුව පවුල් 16 කි. රත්තොට පවුල් 110 කි. උකුවෙල පවුල් 30 කි.

දිසාපති කරුණාසිරි පෙරේරා මහතා කළ විමසීමකදී පැවසුවේ වැසිකිළි නැති සංඛ්‍යාව ඇතැම් විට මීටත් වැඩිවිය හැකි බවය. මෙම පිරිසගේ ප‍්‍රශ්නයට කඩිනම් විසඳුම් ලැබීමේ ඇති අවශ්‍යතාව දිසාපතිවරයා අවධාරණය කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!