Gossip

මාකඳුරේ මධූෂ් අල්ලා ගැනීමේ රහස්‍ය මෙහෙයුම මාධ්‍ය සහ සමාජජාලා මාධ්‍යයන්ට තොරතුරු ලැබුණේ කොහොමද? – විමර්ශන නිලධාරීන් අපහසුතාවයට?

පාතාල නායක මාකඳුරේ මධූෂ්ව වසර තුනක් තිස්සේ කළ රහසිගත විමර්ශන තුලින් අල්ලා ගැනීමට හැකි වුවත් අදාළ අත්අඩංගුවට ගැනීමේ තොරතුරු කොළඹට එවීමත් සමඟම සියලු මාධ්‍ය සහ සමාජ ජාලාවලට එම තොරතුරු ලැබීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරු රජයේ ජෙයෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් විමසා තිබෙනවා.

මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබූ රහසිගත තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුවටත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඊට අදාළ අංශවලටත් දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා. ඩුබායිහිදී කරනු ලැබූ මෙහෙයුමට අදාළ තොරතුරු කොළඹට එවීමත් සමඟම ඊට අදාළ කරුණු මාධ්‍ය සහ සමාජ ජාලා වෙත සුළු වේලාවක් ඇතුළතදී නිකුත් වී ඇතැයි මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

කොළඹට එවූ රහස්‍ය තොරතුරු මාධ්‍ය සහ සමාජ ජාලා වෙත නිකුත් වීම හේතුවෙන් වර්ෂ 2017 සිට රහසිගතව විමර්ශන සිදු කළ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්ව සිටිතැයි ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් රජයේ ජෙයෂ්ඨ අමාත්‍යවරුන් හමුවේ ඊයේ (7) කරුණු දක්වා තිබෙනවා.

මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුව හරහා මාධ්‍ය සහ සමාජ ජාලාවලට නිකුත් වූයේ නම් ඉකුත් වසර තුනේම රහසිගතව පැවැති අත්අඩංගුවට ගැනීමේ තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුව තුළින් පිටතට නොගිය බව තහවුරු වන්නේ යැයිද ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරු රජයේ ජෙ‍යෂ්ඨ අමාත්‍යවරුන්ට පෙන්වා දී තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව කොළඹට ලැබුණු තොරතුරු පිටවීම ගැන පොලිස් දෙපාර්තමේන්තුව භාර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද කරුණු ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!