Gossip News

මහමගදි කාන්තාවකට සැගවී ආ මාරයා කළ විනාශය මෙන්න – වීඩියෝ

කඹුරුපිටිය-මාතර ප‍්‍රධාන මාර්ගයේ කඹුරුපිටිය නගරයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයන් අතරින් එක් කාන්තාවකගේ තත්වය බරපතළ බව අපගේ වෙබ් ගොසිප් වාර්තාකරු පවසනවා.

පසුගිය 19 දා කඹුරුපිටිය නගරයේ ඇති පිහිටි ඉන්ධන පිරවුම් හලක අසලදී මෙම අනතුර සිදුය තිබෙනවා.

අදාළ ඉන්ධන පිරවුම් හල වෙත ඉන්ධන ලබා ගැනීමට පැමිණි මොටර් රථයක් ඉන්ධන පිරවුම්හලට ඇතුළු කිරීමට යාමේදී අදාළ මොර්ටර් රථය පැදවු කාන්තාවට රථය පාලනය කර ගැනීමට නොහැකිව ඉන්ධන පිරවුම් හලට වෙත පැමිණි පැමිණි යතුරු පැදි දෙකකද ගැටී මාර්ගය හරහා වේගයෙන් ඇදි ගොස් මාර්ගයේ අනෙක්පස පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුගේද ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අතුරින් බරපතළ තුවාල ලැබූ පදික වේදිකාවේ ගමන් කළ කාන්තාව කඹුරුපිටිය රෝහලට ඇතුළුත් කිරීමෙන් පසු මාතර මහා රෝහලට මාරු කර යාවා ඇති බව වාර්තා වෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර්රථය පැදවු කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන වැඩිදුර විමර්ශන කඹුරුපිටිය පොලීසිය විසින් සිදු කරන බවට වාර්තා වෙනවා.

අනතුර සිදුවන ආකාරය අසල පිහිටි වෙළද සැලක ආරක්ෂිත කැමරවක සටහන්වී තිබෙන අතර එම වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!