Gossip

මහනුවරට යන ප්‍රයිවට් බස් එකක තිබ්බ ටීවී එකේ හදිසියේම අසභ්‍ය දර්ශන ප්‍රචාරය වෙලා වෙච්ච දේ

පෞද්ගලික බස් රථවල දකින්න පුළුවන් අලුත් උපකරණය තමයි රූපවාහිනී යන්ත්‍රය කියලා කියන්නේ.

ඉතින් මෙහෙම රූපවාහිනී යන්ත්‍රයක සිදුවෙච්ච සිදුවීමක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

මහියංගණයේ සිට මහනුවර බලා ධාවනය වූ බස්රථයක සවිකර තිබූ රූපවාහිනී යන්ත්‍රයක එක්වරම අසභ්‍ය ලිංගික දර්ශන ප්‍රචාරය වී තිබෙනවා.

එම නිසා එහි සිටි මගීන් මහත් අපහසුතාවයට පත්වී තිබෙනවා.

පසුව අදාළ මගීන් වහාම මේ පිළිබඳව තෙල්දෙණිය පොලිස් ස්ථානයට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව තෙල්දෙණිය පොලිසිය විසින් බස් රථය සමඟ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලිසිය අසලදී නවතා අදාළ සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ සිදුවීම පිළිබඳව මගීන් විසින් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියටද දැනුම් දී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!