Health & Beauty

මහත වැඩියි කියලා ලත වෙන අයට කෙට්ටු වෙන්න ඕනෙනම් මෙන්න නියම වැඩේ

රූපලාවන්‍ය ගැන සැලකිලිමත් , සෞඛ්‍ය ගැන සැලකිලිමත් ඕනෑම කෙනෙක් ස්වාභාවිකව කෙට්ටු වෙන්න කැමතියි.
උදෑසනම , ආහාර වේලට පෙර පානය කරන්න පුලුවන් පානයක් ගැන තමයි මේ කියන්න යන්නේ.
පිරිසිදු උණුසුම් වතුර වීදුරුවකට මින්චි කොල කීපයක්, සිහිනියට කපාගත් දෙහි කැබලි කිහිපයක්, මී පැනි තේ හැදි භාගයක් දිය කර පානය කිරීමෙන් ඔබේ සිරුරට වාසි බොහෝමයක් අත් කර ගන්න පුලුවන්…
මින්චි කොල වලින් මල බද්ධය සුව වෙනව වගේම .. වේදනා නාශකයක්.. ඒ වගේම ඔසප් වේදනා.. දත් කැක්කුම් වගේම උදරාබාද වලටත් හොඳ ඖෂධයක්..
දෙහිවල සිට්‍රික් ඇසිඩ් පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කර කැලරි දහනය කර මේද තැන්පතු අඩු කරනවා…
මී පැනි වලින්ද එලෙසම පරිවෘත්තිය වේගවත් කරන අතරම… විටමින් B, c ෆෝලික් ඇසිඩ් , කැල්සියම් , යකඩ , වැනි සංගටක වලින් යුත් නිසා පෝෂණයෙන්ද ඉහලයි…
මේ හැම දේටම අමතරව ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු ඉහත පානයෙන් දීප්තිමත් , නීරෝගී, සමක් ලබා ගන්නත් ඔබට පුලුවන්.
තවද සූර්ය රශ්මියෙන් හමට වෙන හානියත් අවම කරලා දෙන්න ඉහත පානයට පුලුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!