Gossip

‘‘මම වාහනය පදවාගෙන යද්දී ත්‍රී රෝද රථයක හැපුණා. ඒ වෙලාවේ ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවුණා. ඒක ඇතුළේ හිටිය කුඩා ළමයෙක් පාරට වැටුණා”

ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන දීපානි සිල්වා පැදවූ මෝටර් රථය පසුගියදා හදිසි අනතුරකට ලක්වුණා.
මෙම පුවත සමාජ මාධ්‍යවල දවස් ගාණක් කතාවෙන පුවතක් බවට පත්වුණා.
මේ හැමදේම ගැන දීපානි සිල්වා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඇත්තටම එදා මොකද වුණේ.?
‘‘මම වාහනය පදවාගෙන යද්දී ත්‍රී රෝද රථයක හැපුණා. ඒ වෙලාවේ ත්‍රී රෝද රථයේ රෝදයක් ගැලවුණා. ඒක ඇතුළේ හිටිය කුඩා ළමයෙක් පාරට වැටුණා. ළමයා වැටීම තමයි ලොකුවට තිබුණේ. නමුත් ඒ ළමයාට සීරීමක්වත් වුණේ නැහැ. ඒ ළමයා රෝහල් ගත කළා. ඊට පස්සෙ මම ඒ ළමයව බලන්න රෝහලට ගියා.
ඒ වෙලාවේ ඒ ළමයාගේ අම්මා මට මෙහෙම කිව්වා. මිස් ඔයාගෙත් වාසනාව,මගේ දරුවගෙත් වාසනාව.ඒ නිසා තමයි මේ විදිහට බේරුණේ කියලා.
මම එතකොට කිව්වා මට මිස් කියන්න එපා අක්කේ කියන්න කියලා. ඒ අම්මා මට එහෙම කියන්න හේතුව මොකක්ද? ඒ අනතුර සිදුවුණු වෙලාවේ ඉඳලා මම ඔවුන් එක්ක හැසුරුණු ආකාරය හින්දයි.
මොකද මමත් මනුෂ්‍යයෙක් විදියට කටයුතු කළා. මේ වගේ අත්වැරදීම් කා අතිනුත් වෙනවා. ඒත් මම එතැනින් පැනලා ගියානම් එහෙම නැත්නම් බලහත්කාරකමක් කළානම් මම නිළියක් මට බෑ ඕව කරන්න එහෙම නැත්නම් මම ලැජ්ජයි කියලා හිටියානම් කමක් නැහැ.
මම එහෙම කිසිදෙයක් කළේ නැහැ ඒ වෙලාවේ මම ගැන මට මතක්වුණේ නැහැ. මට ඕනවුණේ මේ ළමයාට මොකද වුණේ කියලා බලන්නයි. ඇයි කාගෙ වුණත් කුඩා ළමයෙක්නෙ. අපි කවුරුත් මනුෂ්‍ය යො අපි කා අතිනුත් වැරැදි වෙනවා. අපි ඒවට මුහුණ දෙන්න ඕන. ඉතින් ඒක තමයි මම කළේ.

එතකොට මේක මාධ්‍යයෙන් මේ තරම් දුරට ගියේ.
ඒක තමයි මටත් හිතා ගන්න බැරි විදියට මේ පුංචි සිදුවීම ලංකාවේ ප්‍රචලිත එක්සිඩන්ට් එකක් බවට පත්වුණා.
හැම මාධ්‍යයකම මේ ගැන ප්‍රචාරය වුණා. ඒක මොන හේතුවක් උඩ එහෙම වුණාද කියලා මට හිතාගන්නවත් බැහැ. ඒක උදේ ඉඳලා ගිහින් රෑ දහයේ නිව්ස් වලටත් ගියා.
එතැනදී ඒ ප්‍රවෘත්ති කියන නිවේදිකාව කියනවා අනතුරට ලක්වුණු ළමයා බරපතල තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ගන්නවා කියලා.
ඒක බොරුණේ. ඒ වෙලාවේ ඒ ළමයා වාට්ටුවේ හිටියට ටිකට් කපලා තිබුණේ. අන්න ඒක තමයි මම කියන්නේ මට මාධ්‍යයෙන් එහෙම කරන්න මොකක්ද ඒ ගොල්ලන්ගේ ප්‍රවෘත්ති වල තියෙන සත්‍යතාවය.

ඇත්තටම කොහොමද ඒ සිදුවීම මාධ්‍යයට ගියේ.
මට මතකයි එක්කෙනෙක් ඇවිල්ල මාව රෙකෝඩ් කළා. ඒ නිව්ස් එක තමයි ඔය මාධ්‍ය හැම එකකම ගියේ.
ඒත් ප්‍රශ්නය තියෙන්නේ ඔය චැනල්ස් ඔක්කොගෙම ඉන්නවා මාව අඳුනන අය. මාව දන්න අය. ඒ අයට අඩුගානේ මගෙන් අහන්න බැරිද? ඇත්තටම මොකද වුණේ ඔයාට කරදරයක් වුණාද කියලා. එහෙම කතා කළානම් ඇත්ත විස්තරේ දැනගන්න තිබ්බා. මාධ්‍යවලින් ඇත්ත කිව්වට කමක් නැහැ. ඇත්ත හංගන්න බැහැනේ. ඒත් බොරු කියනකොට එයින් කොයිතරම් නම් හානියක් වෙනවද?
මේ වනතුරු ඒ කිසිම මාධ්‍යයකින් මට කතා කළේ නැහැ. ඒකෙන් හිතාගත්තහැකි මේ අය මේ ප්‍රවෘත්ති කියනදේ දාන්නෙ කොහොමද කියලා මම බය නැතිව එහෙම කියන්නෙ අත්දැකීමෙන්.

දැන් ඒ දරුවාගේ තත්වය කොහොමද?
දැන් එයාට හොඳටම හොඳයි. කිසිම අවුලක් නැහැ. රෝහලේ පැය විසිහතරක් තියාගෙන ඊට පහුවෙනිදාම ටිකට් කපලා ගෙදර යැව්වා. මුලින්ම පිලියන්දල රෝහලට ගෙනිච්චේ. පස්සේ මගේ යාළුවෙක් එක්ක කළුබෝවිල රෝහලට රැගෙන ගියා. එහි පහසුකම් තිබෙන නිසා.

ඔබ මව බැලීමට යන අතර තුර මේ අනතුර සිදුවී තිබුණා.
ඔව්. මම ඉන්නේ බොරලැස්ගමුවේ . මගේ මහගෙදර තියෙන්නේ පිළියන්දල. මගේ පවුලේ ඉන්නේ අයියල දෙන්නයි, අක්කල දෙන්නයි, මල්ලියි. මගේ අම්මාගේ වයස අවුරුදු 97 ක්. අක්කල දෙන්නා තමයි අම්මාව බලාගන්නේ. ඇයට සාමාන්‍ය යෙන් දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ රෝග නැහැ. බත් එක අනලා අතට දුන්නම කනවා. නිදාගෙන ඉන්නවිට අම්මේ කියලා කතා කළාම හෙමිහිට නැගිටිනවා. ඒත් ඔය අනතුර වුණු දවසේ අක්කා මට කතා කරලා කිව්වා අම්මාට ටිකක් අමාරුයි දවස් කීපයකින් ඇඳෙන් නැගිට්ටේ නැහැ කියලා. ඉතින් මම අම්මාව බලන්න ගියා. ඒ යන අතරතුර තමයි මේ අනතුර වුණේ.

දැන් මවගේ තත්වය කොහොමද?
අනතුර වුණු දවසේ අක්කලා අම්මාව රෝහලට ඇතුළු කරලා තිබුණා. මම පහවදාම අම්මාව බලන්න රෝහලට ගියා. දැන්නම් ඇගේ තත්වය හොඳයි. ටිකට් කපලා ගෙදර ගෙනාවා.වෙනදා වගේම කතා කළාම ඇඳෙන් නැගිටිනවා කියලා අක්කා කිව්වා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!