Gossip

මම ජීවිතේ රැකගන්න සටන් කරද්දි මාව නොමරා මැරුවා – ලෝකයම අහිමි වුණු තැනින් මුළු ලෝකයම දිනන්න පාර හොයාගත්තු අරුණිමා – Photos

යම් පුද්ගලයෙකුට ජීවිතය තුල සාර්ථකත්වය කරා ලගා වීමට විවිධ ක්‍රම ඇත.
ඇතැමුන් ඉතා දැඩි කැපවීමෙන් හා උත්සහයෙන් ජීවිතයේ සාර්ථකත්වයට ලං වෙන අතර තවත් සමහරුන් වැඩිපුර කැපවීමකින් තොරවත් තම දිවිය සාර්ථක කරගන්නා අවස්ථා ඇත.
ඇතැමුන්ට වාසනාව නිසා හෝ ඉතා ඉක්මනින් තම ජීවිතයේ සාර්ථක්තවයට පිය නැගිය හැකි උනත් බොහෝ දෙනාට තම දිවියේ සාර්ථක්වය කරා යෑමට අධික ලෙස කැපකිරීම් කිරීමට සිදුවන වේ.
එමෙන්ම කොතරම් කැපවීමෙන් හා උත්සහයෙන් තම දිවිය ජයගත්තත් ඒවා සියල්ල යම් මොහොතක කඩන් වැටීමට ලක්වීමද ඕනෑම පුද්ගලයෙකුට මුහුණ දීමට සිදු විය හැකි සිද්ධියකි.
දීර්ඝ කාලීනව උත්සහයෙන් ගොඩ නගා ගත් දේවල් සම්පූර්ණයෙන්ම කඩා වැටෙන විට කිසිදු පුද්ගලයෙකුට ඒ පිලිබදව කම්පා නොවී සිටිය නොහැකි සේම මෙසේ තමන් ගොඩ නගාගත් දේ එක නිමේෂයකින් අහිමි වුනු විට බොහෝ දෙනා යලි නැගී සිටීමට නොහැකි ලෙස මනසින්ද කඩා වැටේ.
නමුත් තමන් උත්සහයෙන් හා කැපවීමෙන් ලබා ගත් දේවල් කඩන් වැටුනත් තමන් තුල තිබුන උත්සහය හා කැපවීම කඩන් නොවැටී තබා ගත හැකිනම් නැවත සාර්ථකත්වය කරා ලග කර ගැනීමට කෙදිනක හෝ අවස්ථාවක් ඇත.
ඉන්දියාවේ ජාතික කණ්ඩායමක වොලිබෝල් ක්‍රීඩිකාවක් වීම සුළුපටු කටයුත්තක් නොවේ.
ඒ වෙනුවෙන් අධිකව කැපවිය යුතු අතර දැඩි උත්සහකුත් ඒ වෙනුවෙන්ම යෙදිය යුතුය.
නමුත් එවන් තත්වයකට ගිය පසු ඒ සියල්ල අහිමි කරමින් සමාජයෙන්ද චෝදනා එල්ලවන තැනකට ක්‍රීඩිකාවක් පත් උනොත් ඇයට කුමක් වෙයිද?
මේ ඉන්දියාවේ ජාතික වෙලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් දක්වාගිය පසු පාදයක්ද අහිමිව සමාජයෙන් සියදිවි නසාගන්නට ගිය බවට නිකරුනේ චෝදනා එල්ල වුණු අරුණිමාගේ කතාවයි.
ඉන්දියාව යනු බොහෝ සැප විදින ධනවතුන් මෙන්ම කන්න කෑමක් නොමැතිව අධිකව දුක් විදින මිනිසුන්ද වෙසෙන ලොව අමුතුම රටකි.
ස්ත්‍රී දුෂන මෙන්ම විවිධ සොරකම් පවා පොදු ප්‍රවාහන සේවා තුලද බහලු ලෙස සිදුවන ඉන්දියාවේ දුම්රියක් තුලදී අරුණිමා සිංහා නම් 24 හැවිරිදි තරුනියට තම ජීවිතයේ බිහිසුනු ඉරණමකට මුහුණ දීමට සිදුවිය.
එවකට ජවසම්පන්න වොලිබෝල් ක්‍රීඩිකාවක උන අරුනිමා එදින පාළු දුම්රිය මැදිරියක් තුලදී සොරු රැලකට මැදි උන අතර ඔවුන්ගෙන් ගැලවීමට ඇයට කිසිදු අවස්තාවක් ලැබුනේ නැත.
තියුණු ආයුධ වලින් ඔවුන් විසින් අරුණිමාට පහර දී තිබුනේ ඇගේ රන් මාලයක් කඩා ගැනීමටයි.
මාලයක් වෙනුවෙන් තරුණ ජීවිතයක් බිලිගත් සොරුන් ඇයට පහර දී ධාවනය වෙමින් පැවති දුමිරියෙන් ඇයව පිටතට තල්ලු කරනු ලැබීය.
දුමිරියෙන් පිටතට ඇද දැමුවත් ඇයට ජීවත් වන්නට අවස්ථාවක් හිමි උනු. නමුත් දුමිරිය මාර්ගයට වැටුනු ඇයගේ පාදයක් අනෙක් මාර්ගයෙන් ගමන් ගත් දුරිමියකට හසු උන අතර සිහිසුන් වුණු ඇය දෑස් හරින විට කිසිවකු විසින් ඇයව රෝහලට ගෙනවිත් තිබුණි.
වෙලිබෝල් ක්‍රීඩිකාවක් වුණු ඇගේ සිහින එක් නිමේෂකින් බොද වුනු අතර පාදයක් ඉවත් කිරීම හැර අන් යමක් කිරීමට වෛද්‍යවරු අසමත් විය.
අවාසනාව නැවතත් ඇය කරා පැමිනෙන්නට වුණේ ඇය සියි දිවි නසාගන්නට තැත් කල බවට මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි. “මාධ්‍ය වලින් මාව මානසික රෝගියෙක් කරන්න උත්සහා කලා. මම ජීවිතේ රැක ගන්න සටන් කරද්දි මාධ්‍ය වලින් මාව නොමරා මැරුවේ මම සිය දිවි නසා ගන්න දුම්රියෙන් පැන්න බව කියමින්” පොලිසියට අවශ්‍ය උනේ එහෙම හොරු නෑ නගරය ආරක්ෂිත බව හැමෝටම පෙන්වන්න.
ඒ හින්දා ඔවුන් අරුනිමා දිවි නහගන්න උත්සහ කරලා වැරදුනහම හොරු ගැන කතාවක් ගොතලා කියලා කියන්න ගත්තා.
සමාජය පවා ඇයව බොරු කාරියක් විදිහට හංවඩු ගැහුවා. ඇගේ කතාව අහන්න අන්තිමට ඉතුරු උනේ ලක්නව්හි අලහබාද් අධිකරණය විතරයි.
මෙතන සිදු උනේ අනතුරක් නෙමේ ඝාතන උත්සහයක් බවට හදුන ගන්න අධිකරණය ඇයට වන්දි ගෙවන්න කියලා දුම්රිය දෙපාර්තමේන්තුවට නියොග කරනවා. නමුත් අරුණිකාට මාධ්‍ය හරහා වගේම සමාජයෙන් එල්ලවෙන චෝදනා වලින් අඩුවක්නම් වෙන්නේ නෑ.
සමාජයෙන් එල්ලවෙන අපවාද වලින් මිදෙන්න ඇය දැඩිව හිතට ගන්නවා. තමන්ගේ ආත්ම ගරුත්වය බිංදුවට ඇදලා දාලා ඇයව මානසිකව අසරණ පුද්ගලයෙක් කරන්න හදපු මාධ්‍ය තුලින්ම ලෝකයට කතා කරන තැනට වැඩ කරන්න ඇය හිතට ගන්නවා.
ඉන් පස්සේ ඇය තීරණය කරනවා ලෝකේ කකුලක් නොමැති කාන්තාවක් කිසිදා නොකල දෙයක් කිරීමට. ඇගේ කතාව අහන තැනට සමාජ පොළඹවන්න ඇය තනි කකුලෙන් එවරස්ට් කන්ද තරණය කරන්න ආරම්භ කරන්නේ ඒ විදිහටයි. “මගේ තීරණය උනේ එවරස්ට් කන්ද තරණය කරන එක. අවුරුදු 3ක දැඩි වෙහෙසකර පුහුණුවකින් පස්සේ දවස් 52 ක මරණාසන්න අත්දැකීම් අවසන් උනේ මම එවරස්ට් කන්ද තරණය කරමින්.
මම එය තරණය කල බව මාව වට්ටපු මාධ්‍ය විසින්ම ලෝකයට වාර්තා කලා. ඊට පස්සේ හැමෝම ඇහුම්කන් දෙන විදිහට මගේ සත්‍ය කතාව ලෝකයට කියන්න මට අවස්ථාව ලැබුනා.
අද මම එවරස්ට් තරණය කල ලෝකයේ පළමු පාද අහිමි කාන්තාවයි” අද අරුනිමා සිංහා කියන්නේ හොරු විසින් දුමිරිය මාර්ගයට ඇදලා දාලා ලෝකෙම අහිමි වුණු තරුනියක් නෙමේ, ඇයට ලෝකයම අහිමි වුණු තැනින් මුළු ලෝකයම දිනන්න පාර හොයා ගත්තු තරුණියක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!