Gossip

මම කාමරයට ගිහින් බලද්දි අම්මා ඇඳ උඩ ලේ විලක් මැද හිටියා -කතුරක් බිම වැටිලා තිබුණා – රටක් දන්න ගායිකාවගේ මරණයේ තවත් කතාවක් හෙළිවෙයි

ප්‍රවීන ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මහත්මිය පසුගියදා 08 වනදා රාත්‍රියේදී සිය සැමියාගේ කතුරු පහරකින් ඝාතනය කෙරුණා.

කෙසේවෙතත් මෙම ඝාතනයෙන් පසු පළාගිය ඇයගේ සැමියා ඊයේ පානදුර වලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා.

කලක් තිස්සේ පැවති ආරවුලක් හේතුකර ගනිමින් මෙම ඝාතනය වුණ බව තමයි සැක කරන්නේ.

පොලීසිය සඳහන් කලේ ගායන ශිල්පිනිය සහ සැකකාර සැමියා අතර සිදුවුනු බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඇයගේ ශරීරයේ ස්ථාන අටකට පමණ කතුරකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙම ඝාතනය සිදුවූ අවස්ථාවේදී ප්‍රියානි ජයසිංහ මහත්මිය, ඇයගේ සැමියා,ලේලිය සහ මාස තුනක පමණ මිනිබිරයද නිවසේ සිට ඇති අතර ඇයගේ පුතා අසල පිහිටි වෙළෙඳසලකට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රියානි සහ මිනිබිරිය කාමරයේ ඇඳ මතට වී සිට ඇති අතර ලේලිය රූපවාහිනිය නරඹමින් සිට ඇති බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබෙන්නේ.

එම අවස්ථාවේදී ප්‍රියානිගේ සැමියා පැමිණ ඇයට පහරදී තිබෙන අතර එම අවස්ථාවේදී ඇයගේ කෑ ගැසීම ඇසී රූපවාහිනිය නරඹමින් සිටි ලේලිය වෙළෙඳසලට ගිය සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබාදී සිදුවීම පිළිබඳ දැනුම් දී තිබෙනවා. පසුව ඇයගේ පුත්‍රයා ඉක්මනින්ම නිවසට පැමිණ සිය මවගේ කාමරයට යද්දී ඇය ලේ විලක් මැද වැටී සිටින ආකාරය දැක තිබෙනවා.පසුව ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ප්‍රියානි ජයසංහ රෝහල්ගත කිරීම සඳහා රැගෙන ගියද, අතරමඟදී ඇය මිය ගොස් තිබුණා.

මේ අතර සැකකාර සැමියා විසින් මෙම ඝාතනය කලින් සැළසුම් කල ඝාතනයක් බව ඝාතනය සඳහා යොදා ගත් කතුරු තුඩෙන් පැහැදිලි වන බව පොලීසිය සඳහන් කරනවා. ඒ අනුව කතුරෙහි දෙපැත්තම කැපෙන ලෙස මුවහත් තබා තිබූ බවත් පොලිසිය සඳහන් කරනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් ගායන ප්‍රයානිගේ පුත්‍රයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

මම කඩේට ගිහින් විනාඩි හතර පහකට පස්සේ වයිෆ් කෝල් කරලා කිව්වා තාත්තා අම්මට ගහනවා කියලා. විනාඩි දෙක තුනක් යන විට මම ගෙදරට ආවා. මම අම්මා ඉන්න කාමරයට ගිහින් බලන විට අම්මා ලේ පෙරාගෙන ඉන්නවා දැක්කා. තාත්තා පේන්න හිටියේ නැහැ. මම අම්මව උස්සගෙන ගේ ඉස්සරහට ගිහින් කෑගැහුවා උදවු ඉල්ලලා. වාහනයක දාලා පානදුර රෝහලට අරගෙන යනවිට අම්මා නැති වුණා.

මේ සම්බන්ධයෙන් ඇයගේ ලේලිය ද අදහස් දැක්වූයේ මෙලෙසින්.

එදා 08 වැනිදා රාත්‍රි හතයි තිහත් අටත් අතරදී පමණ අම්මයි තාත්තයි කතා කර කර හිටියා. මහත්තයා ගියා කඩේට, මම සාලයේ ටීවී බල බලා හිටියේ. අපිට ඉන්න මාස තුනක් වයස එකම දරුවා අම්මා සමඟ කාමරයේ ඇඳේ ඒ වන විට හිටියේ.

එක පාරටම මට ඇහුණා අනේ රෂිනි මාව බේරාගන්න කියලා. අම්මා හයියෙන් කෑගැහුවා. ඒ සමඟම මම ඇන්ටිලාගේ ගෙදරට දුවගෙන ගියා. අම්මා මට කියලා තිබුණේ මොකක් හරි වුණොත් එයාලට කියන්න කියලා. මම මහත්තයාටත් කෝල් කරලා කිව්වා.

මම ආයේ ගෙදර එනකොට මහත්තයා ඇවිල්ලා හිටියා. මම කාමරයට ගිහින් බලන විට අම්මා ඇඳ උඩ ලේ විලක් මැද හිටියා. කතුරක් ඒ අසල බිම වැටිලා තිබුණා. කවුරුත් ගෙදර හිටියේ නැහැ.මහත්තයා අම්මව ගේ ඉස්සරහට අරගෙන ආවත් තනියම ගෙනියන්න බැහැ. පස්සේ එහා පැත්තේ ගෙදර අංකල් කෙනෙක් ඇවිත් උදවු කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!