Gossip

“මම කරන්නේ රෙදි බිස්නස්. හැබැයි මම ඉස්සර ඉඳලාම මියුසිකල් ෂෝවලට, අවුරුදු උත්සවවලට එහෙම සින්දු කියනවා. දැන් පාරේ බැහැලා යන්න බැහැ”

දෙරණ 60 plus කිරුළ හිමිකරගත්තේ ජී.ඩී. ප්‍රේමරත්නයි.
ඔහුට ඇතිවූ සතුට ගැන වගේම ප්‍රේමරත්න මහතාගේ තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

60 plus තරගයේ කිරුළ හිමි කරගත්තේ ඔබ. ඒ සතුට වචන කරමුද?
ඒ සතුට ගැන කියා නිම කරන්න බෑ. කිසිම විදියකින් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් මේක.
මේ ගැන දෙරණට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම විනිශ්චය මණ්ඩලයට, වාදක මණ්ඩලයට වගේම, ප්‍රේක්ෂක ජනතාවටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

සම්මානය ගැන බලාපොරොත්තු තියාගෙන නෙමෙයිද හිටියේ?
අවසන් මහා තරගයට ඇතුළු වෙන්න ඕනි කියලා තමයි බලාපොරොත්තු වුණේ. හැබැයි එතැනදී මට හිතුණා පළමු වැනි තැන ගන්න ඕන කියලා.

මේ තරගය ඇතුළත ඔබට අභියෝගයක් වුණු අය කවුද?
මම හැම කෙනෙක් එක්කම කරට කර ගායනා කළා. හැමෝම දක්ෂයි. හැබැයි මට කවුරුත් අභියෝගයක් වුණේ නෑ.

ඒ කියන්නේ ඔබ හිතනවා ඔබ තමයි තරගයේ හිටපු දක්ෂතම තරගකරුවා කියලා?
ඔව්. මම එහෙම හිතනවා.

මේ දවස්වල ලැබෙන ප්‍රතිචාරත් ජය ඇති?
ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා. පාරේ යන්න බැහැ. පුදුම විදියට මිනිස්සු කතා කරනවා. ලොකු සතුටක් තියෙන්නේ ඒ ගැන.

මීට කලින් ඔබ මේ වගේ තරගවලට සහභාගි වෙලා තිබෙනවාද?
පුංචි කාලේ රූපවාහිනියේ තිබුණු තරගවලට යන්න ලොකු වුවමනාවක් තිබ්බා. හැබැයි යන්න බැරි වුණා. රේඩියෝ එකේ තරගයක් තිබ්බා ‘පිබිදෙන ගායක පරපුර’ කියලා. ඒ තරගයෙන් ජය අරගෙන තියෙනවා. අවුරුදු උත්සවවල ගීත ගායනා කරලත් දිනලා තියෙනවා.

හම්බ වෙච්ච මුදල් ත්‍යාගයෙන් විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවද?
මට ලැබුණා මුදලින් රුපියල් නව ලක්ෂ විසිපන්දහසක් (9,25,000) ඒ වගේම ස්කූටර් එකකුත් හම්බවුණා. මුදල්වලට කරන දේ තාම තීරණය කරලා නැහැ. මොකක් හරි විශේෂ දේකට ඒ මුදල් යොදාගන්න ඕන.

සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ අය ඔබේ පවුලේ ඉන්නවද?
නැහැ. ක්ෂේත්‍රයේ කවුරුත් නෑ. අපේ මාමයි, නංගියි මඟුල් ගෙවල්වලට කවි කියනවා. හැබැයි ඒ කවුරුත් සංගීතයෙන් ලොකු ගමනක් ආවේ නෑ.

ඔබ වෘත්තීයමය වශයෙන් මොකද කරන්නේ?
මම කරන්නේ රෙදි බිස්නස්. හැබැයි මම ඉස්සර ඉඳලාම මියුසිකල් ෂෝවලට, පැදුරුවලට, අවුරුදු උත්සවවලට එහෙම සින්දු කියනවා. ඒකෙන් මට පොඩි මුදලකුත් හම්බ වෙනවා.

ළඟදී තමන්ගේම ගීතයක් කරන්න අදහසක් නැද්ද?
මම කලින් ගීත 14ක් කරලා තියෙනවා. හැබැයි ඒවාට විෂුවල් නෑ. ළඟදීම තව ගීත දෙකක් හෝ තුනක් කරන්න ඉන්නවා.

පවුලේ විස්තරත් කියමු?
මමයි නෝනායි දුවයි ඉන්නේ. දුව විවාහ වෙලා. දැන් එයාටත් දුවෙක් ඉන්නවා. මම සීයා කෙනෙක්.

ඉදිරි වැඩ කටයුතු මොනවාද?
ගීත ගායනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!