Gossip

මම ආදරේ කරන්නේ මහේලට, අපි අලුතින් ජීවිතේ පටන් ගන්න ඕනේ – Exclusive

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් රසික හදවත් දිනාගත්තු ආදරණීය නිළියක් තමයි ශාලිකා එදිරිසිංහ කියන්නේ.
ඇයගේ අලුත්ම තොරතුරු ගැනත් ජීවිතේ ගැනත් අහලා බලන්න වෙබ් ගොසිප් අපි ශාලිකාට කතා කළා.

මොනවද අලුත් තොරතුරු..?
මේ දවස්වල ටෙලි නාට්‍යවල වැඩ කටයුතු කරගෙන යනවා.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කරලා තියෙන එක ගැන මොකද හිතන්නේ..?
නරක වැඩ කරන අයටනම් හොඳක්. අවශ්‍ය අයට හොඳ දේට පාවිච්චි කරන අයට තමයි පාඩුව..

මේ දවස්වල නිදහස් කුසලාන මැච් එක තියෙනවනේ..? ඔබට ක්‍රිකට් පිස්සියක්ද..?
ක්‍රිකට් පිිස්සියක්නම් නෙවෙයි. ලංකාවේ දක්ෂයෝ ඉන්නවා.. මමත් ක්‍රිකට් ගහනවා.. ඒත් ලොකුම කැමැත්තක් නෑ.. අකමැත්තකුත් නෑ.. සුබ පතනවා අපේ ටීම් එකට..

ජීවිතේ ගැන කෙටියෙන් කියන්න කිව්වොත්..?
ජීවිතේ කියන්නේ අස්ථිර දෙයක්.. ටික කාලෙකට මේ ලෝකෙට අපි එන්නේ.. ඉතිං ඒ කාලේ හොඳ දෙයක් කරලා වෙලාවට යන්න තමයි තියෙන්නේ.. සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවනවා.

ආදරේ කරද්දි හැඟීමටද වැඩි ඉඩක් දෙන්න ඕනේ බුද්ධියට වැඩි ඉඩක් දෙන්න ඕනේ..?
මම හිතන්නේ හැඟීමටයි බුද්ධියටයි දෙකටම..
හැඟීම්වලින් විතරක් තීරණ ගන්න එක අවධානම්.. දෙකම පාවිච්චි කරලා දෙයක් කළොත් වරදින්නේ නෑ..

ඕනම කෙනෙකුට හීනයක් තියෙනවා ජීවිතේ..? ඔයාගේ හීනය මොකක්ද..?
ඒක තමයි කියන්න දන්නේ නැත්තේ.. මටත් හීන තියෙනවා. මම මගේ හීන අනිවාර්යෙන්ම සැබෑ කරගන්නවා.
ඒවා ඉතිං කිය කිය කරන්න බැහැනේ…

මහේල ජයවර්ධන, සනත් ජයසූරිය, සහ රොමේෂ් කළුවිතාරණ අතරින් වැඩියෙන්ම ආදරේ කරන චරිතය කවුද..?
මහේලට තමයි මම වැඩියෙන්ම ආදරේ..

ඒකට හේතුව මොකක්ද…?
එයා බැට් කරන විදිහට මම කැමතියි.. ඒ වගේම නිහතමානී චරිතයක්.. රටට කීර්තියක් ගෙනාපු කෙනෙක්..

සමාජයට පණිවුඩයක් දෙන්න කියලා කිව්වොත් මොකක්ද දෙන පණිවුඩය..?
අද දවසේ හොඳම දේ කරන්න ඕනේ.. තමන්ගේ දුර්වලතා හදුනගෙන හොද විදිහට කාටවත් කරදරයක් නැතිව ජිවිතේ ගෙනියන්න කියලා තමයි මම කියන්නේ..
අපි ජීවිතේ අලුතින් පටන් ගන්න ඕනේ හැම මොහොතකම.. ඉතිං වැරදි නොකර හරි දේ කරන්න තමයි හිතන්න ඕනේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!