Gossip

මඩකලපුව මුහුදෙන් සර්පයන් ආවේ සුනාමි පෙර නිමිත්තක්ද? නාරා ආයතනය සියල්ල හෙළි කරයි

පසුගිය දවස්වල අහන්නට ලැබුණු කතා අතර සුනාමි කතාව ගොඩක් කතාවෙන්න පටන් ගත්තා.

මේ අතර මඩකලපුව නාවලඩි ප්‍රදේශයේදී ධීවර දැල්වලට පහුගිය දවසක තොග පිටින් නයි අහුවෙලා තියෙන කතාවක් අපි ඔබට පසුගියදා වාර්තා කළා.

ගොඩක් අය කිව්වේ මේක සුනාමි පෙර නිමිත්තක් කියලා.

ඒ 2004 සුනාමිය එන්න කලිනුත් මේ වගේම ගැඹුරු මුහුදේ ඉන්න සත්තු ගොඩබිමට ආව නිසාලු.

මේ කලබලය නිසාම නාරා ආයතනයේ සමුද්‍ර ජීවී විද්‍යා අංශය ඊයේ මේ ගැන විශේෂ පරිෂණයක් කළා. අද වෙද්දී මේ පරිෂණයේ ප්‍රථිපලය ඇවිත් තියෙනවා.

මඩකලපුව – නාවලඩි ප්‍රදේශයේදී ධීවර දැල්වලට හසු වූ සත්ත්ව විශේෂය ආඳන් විශේෂයක්‌ බව අඳුරගෙන තියෙනවා. ආඳන් හමුවීම කිසි කිසිම අනතුරක පෙර නිමිත්තක්‌ නෙවෙයි කියලයි නාරා ආයතනයේ සමුද්‍ර ජීවී විද්‍යා අංශය කියන්නේ.

මේ ආඳන් (Snake eel) කියලා තමයි හඳුන්වන්නේ. හැබැයි මේ කෑමට ගන්න වර්ගයක් නම් නෙමෙයි. මේ මාළු මේ විදියට විශාල වශයෙන් සංක්‍රමණය වන්නේ බිත්තර දාන්න වෙන්නත් පුළුවන්ලු.

මේ මත්ස්‍ය විශේෂය මීට කලිනුත් මේ මුහදු කලාපයෙන් හම්බෙලා තියෙනවාලු. හැබැයි මේ තරම් විශාල ප්‍රමාණයක්‌ හමුවූ මුල්ම අවස්‌ථාව මේක කියලා තමයි ඔවුන් කියලා තියෙන්නේ.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!