තරු හුට පට

මට වැදගත් වෙන්නේ මාව තේරුම් ගැනීමයි…..

මේනකා පීරිස් කියන්නේ ඔයාලා අපි කවුරුත් හොඳින් දන්න ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ගීල්පිණියක්නේ.

ඉතින් මේනකා පීරිස්ගෙන් ආදරය සම්බන්ධයෙන් ටිකක් අපි විමසලා බැලුවා.

අපි මේනකාගෙන් ඇහුවා මේනකාගේ සහකරුවා මොනවගේ පුද්ගලයෙක් වෙන්න ඕනද කියලා..

එතකොට මේනකානම් අපිත් එක්ක කිව්වේ මේන්න මේ වගේ කතාවක්.

“මූලිකවම එයාගේ වෘත්තීයට  වඩා මට වැදගත් වන්නේ මාව තේරුම් ගැනීම. ඒක පැත්තකින් ඉදිරියේදී නර්තන ගුරුවරියක් වීමට සිහින මාළිගා ගොඩාක් තියන එක්කෙනෙක් මම. එතකොට මාව 100% තේරූම් ගැනීමක් තිබිය යුතුයි. තේරුම් ගැනීම තිබුණේ නැත්නම් මං හිතන්නේ ජීවිතේට කිසිම දෙන්නෙකුට ජීවත් වෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නෑ. දෙවැනියාට මං බලාපොරොත්තු වන්නේ  මගේ දෙමාපියන් සහ මල්ලී. මේ තුන්දෙනාට බොහෝම ආදරය කරන බොහෝම හොඳින් බලාගන්න පුද්ගලයෙක් වෙන්න ඕන අනිවාර්යෙන් මගේ ජීවන සහකරු. එතකොට තමයි මං හිතන්නේ ඒ පුද්ගලයා එක්ක බොහෝම හොඳින් සහ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. මොකද මගේ අම්මා, තාත්තා සහ මල්ලී කියන්නේ මගේ ලෝකය. ඉන් එහාට මට ලෝකයක් නෑ. ඉතින් ඒ ලෝකයට එන කෙනා අර ලෝක තුන ‍තේරුම් ගැනීම සහ මගේ දෙමාපියන්ට ගරු කිරීම සහ ඔවුන්ව තේරුම් ගැනීම සහ මාව තේරුම් ගැනීම කළ යුතුයි. බොහෝම සරල පුද්ගලයෙක් වුණා නම් මං බොහෝම කැමතියි. සාමන්‍යයෙන් විච්චූරණ නැති කෙනෙක් වෙන්න ඕන. මං බොහෝම සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් මං හිතනවා මං ළඟට ඒ කෙනා කවදාහරි එයි කියලා. මගෙන් ආදර සම්බන්ධකම් ගැන අහලා නැතුව නෙවෙයි. මං ඒ හැමොටම කියලා තියනවා බොහෝම ආදරයෙන් මගේ යාලුවෝ විදියට තේරුම් ගෙන ඉන්න කියලා. මොකද ඔවුන්ට තේරෙනවා මගේ හැඟීම්. මං කවදාවක් තරහාකරගන්නේ නෑ ඒ කිසිම කෙනෙක්ව.අනික් එක තමයි මං බොහෝම ආදරයෙන් හැම කෙනෙක්ටම කියලා තියනවා. මගේ මේ වගේ රූල්ස් තියනවා ඒවාට කැමති වෙන්න පුළුවන් වෙන්න ඕන කියලා. ඉතින් අපි තෝරා ගන්න කෙනා පසු කාලීනවා ‍හොඳ කෙනෙක් වෙන්න ඕන.මං ඒකයි බලාපොරොත්තු වෙන්නේ. මං හිතනවා කාලයත් එක්ක හොඳ කෙනෙක් ලැබෙයි කියලා.“

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!