Gossip

“මට ලොකු සාදුව හොයන් යන්න බෑ, අද මට පන්සල හිර ගෙදරක්,ආ දෙන් අද මම තරහම තරහයි, ලොකු සාදුත් දැං එක විදියක්”

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ අපවත්වීමත් සමඟ හැමකෙනෙක්ම වගේ සංවේගය පලකරලා තිබුණා.
“මියන්කුමාර” නමැති ඇත් පැටවාට ආහාර ලබාදෙන අවස්ථාවේදී අනතුරකට ලක්වීමෙන් අපවත්වූ විමලරතන හිමියන්ගේ ජාතියට, ආගමට මෙන්ම සමාජයටද අනුපමේය මෙහෙවරක් ඉටුකළා.
සමාජ මාධ්‍ය හරහාද වැඩි කතාබහක් මේ ගැන ඇතිවුණා.
ඒ අතරින් ලියවුණු අපූරු සටහනක් අපි ඔබවට ඉදිරිපත් කරන්න හිතුවා.
ඉතා සංවේදී හදවතට දැනෙන ඒ සටහන පහතින්…

බලාන උන්නා පන්සල පුරාම
මොකද්ද මන්දා කළබලයක්
ලොකු හාමුදුරුවො දකින්නවත් නෑ
තරහ වෙලා වගේ තවසැරයක්
සියඹලා කැව්වම තල්ලු කලේ නෑ
එකත් මගෙ පොඩි හුරතලයක්
පාලුයි හොදටම ආයෙ කරන්නෑ
එන්නකො නෑ මගෙ කිසි දගයක්

ඉස්සර උදේට ආවට අදනෑ
වැඩලද දන්නෑ දුර ගමනක්
ඉස්සර නං මට කියලයි යන්නේ
අද මට දැනෙනවා මහ වෙනසක්

මට ලොකු සාදුව හොයන් යන්න බෑ
අද මට පන්සල හිර ගෙදරක්
ආ දෙන් අද මම තරහම තරහයි
ලොකු සාදුත් දැං එක විදියක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!