Gossip

“මට මැරෙන්න බයයි.. මම කුඩු ගහන්න පුරුදු වෙනකොට අවුරුදු අටයි”

ඔහු අධික ලෙස හෙරොයින් ඉරීමට පුරුදුව සිටින්නේය.
ඒ සදහා දිනකට රුපියල් හාර පන්දාහක් ඔහුට අවශ්‍යයි.
කුලී කම්කරුවෙන් වෙන ඔහුට දිනකට එතරම් මුදලක් සොයා ගැනිමට අපහසු කටයුත්තක් වුයේ නැත.
ඔහු කුඩු මුදලාලිගේ ගොලයෙකු වන්නෙ කුඩු ඉරිමට අවශ්‍ය මුදල් සොයා ගැනිමේ පහසුම මඟ මුදලාලිගේ කුඩු විකිනිම නිසාය.
මාස ගණනක් තිස්සේ ඔහු මුදලාලිගේ කුඩු ජාවාරමට උදව් දෙමින් හොද හැටි කුඩු ගැසිමට අවශ්‍ය මග පාද ගන්නෙය.
ඒ අතර ඔහු පොලිස්සියට කොටු වන්නේ හෙරොයින් ග්‍රැම් හතක් සමගය.
ඔහු එවා යම් පුද්ගලයෙක්ට ලබා දිම සදහා රැගෙන යමින් සිටියදි ලැබුණු තොරතුරක් අනුව අත්තඩංගුවට ගැනිමට පොලිස්සියට හැකි වී තිබිණි.
දැන් ඔහු කල්ගෙවන්නේ සිර ගෙදරය ඒ රස පරික්ෂක වාරතාව තවමත් ලැබි නැති නිසා ඇප ගැනිමට නොහැකිවය.
කුඩු කාරයන් එල්ලා මැරිම සදහා ගත් තින්දුව ඇසිමෙන් අනතුරුව ඔහු දැඩි ලෙස බියට පත්ව සිටින්නේ ඉදිරියෙදි තමාටද එල්ලුම් ගස් යන්න වෙයැයි සිටින නිසාය.
මා හමුවට පැමිණි ඔහු මා කවුරුන්දැයි කියා දැන සිටියේ නැත. ඔහුගේ අදහස වී තිබුණේ මානව හිමිකමි සන්විධානක කෙනෙකු හෝ නීතිඥවරියකු විය යුතු ලෙසය.

නොනා අපේ විස්තර හොයන්නද ආවේ ?
ඔව්.

අපිව එල්ලුම් ගස් යවන්නද? බේරගන්නද?
මට ඒ දෙකෙන් එකක්වත් කරන්න බෑ.
මා එලෙස පැවසු විට ඔහු මා දෙස අමුතු බැල්මක් හෙළිය. එහි ප්‍රශ්ණාර්ථයක් ගැබ්ව තිබිණි.

ඇයි ඒ…?
මම පත්තරෙන්නේ.
ආ මම හිතුවා මානව හිමිකන් එකෙන් කියලා. පසුගිය දවස් ටිකෙම මානව හිමිකම් එකේ කට්ටිය මෙහෙට ආවා.

ඔව් වෙන්න ඇති එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවට ඒ ගොල්ලෝ විරුද්ධයිනේ එකයි මම අවේ ඔයා ඇතුලට අවේ කොහෙමද දැන් හිතෙන්නේ මොනවද?
එළියට ගියාම කරන්න හිතෙන්නේ මොනවද?
නෝනා මම පුංචි කාලේ ඉදලා හැදුණේ කොළඔ මුඩුක්කුවක මට අම්මා හිටියේ නෑ.
තාත්තා කෙනෙක් කියලනම් හිටියා ඒ වුණාට මාව බලාගත්තෙ නෑ අල්ලපු ගෙවල්වල අය මට කන්න දුන්නා.
තාත්තා ගෙදරට වෙලා කුඩු ගැහුවා සල්ලි හොයා ගන්න කුඩු විකුණුවා මට වයස අවුරුදු තුන හතර කාලේ දී පවා තාත්තා මහා පාරට මං අතේ කුඩු යැව්වා.
තාත්තා මගේ අනිත් අතට චොක්ලක් කැල්ලක් දිලා අනිත් අතට චොක්ලට් කොලෙකින් ඔතපු පාර්සලයක් දිලා මාව පාර අයිනට යවනවා.
ඒ ගියාම කවුරුහරි කෙනෙක් ඇවිත් පුතා තාත්තා දුන්න චොක්ලට් කෑල්ල. දෙන්න කියලා ඉල්ලගෙන යනවා පුංචි කාලේ ඉදන් මගේ තාත්තා කුඩු ගහනවා දැක්කා.
තාත්තාගෙන් කුඩු ගහන්න එන සමහර එවුන් අපේ ගෙදරට ඇවිත් සාලේ දාපු මෙට්ටේ ඉගෙන කුඩු උරනවා මම හඩු පෙරාගෙන පැත්තකට වෙලා බලාගෙව ඉන්නවා මාව හොදලා සුද්ද කරන්න තාත්තට උවමනාවක් නෑ ඔහොම ඉන්දිද්දි මටත් හිතුණා තාත්තයි. එයාගේ යාලුවොයි කරන මේ සෙල්ලම කරලා බලන්න මම දවසක් තාත්තා ගෙදරින් යනකම් ඉදලා තාත්තායි යාලුවොයි උරන විදියට කුඩු උරලා බැලුවා තාත්තා හංගපු කුඩු පැකට් එක්ක අරගෙන තාත්තා පාවිච්චි කරපු
ඔව් වෙන්න ඇති එල්ලුම්ගහා ක්‍රියාත්මක කරනවා ඒ ගොල්ලො විරුද්ධයිනේ. එකයි මම අවේ කොහොමද දැන් හිතෙන්නේ මොනවද? එලියට ගියාම හිතාගෙන ඉන්නේ මොනවද කියලා දැනගන්න.
ඉයම් කොළයකට දාලා ගිනි කුරක් පත්තු කරලා යටින් අල්ලලා උරලා බැලුවා එදා ඉදලා තමයි මම කුඩු උරන්න පුරුදු වුණේ.

එතකොට වයස කියක් විතර ඇත්ද?
මට වයස අටක් දහායක් විතර ඇති.

ඒ තරම් පුංචි කාලේ ඉදලා කුඩු ගහන්න පුරුදු වුණේ ?
ඔව්

දැන් වයස කියද?
දහනවයයි (19)

මේ කුඩුත් එක්ක අහුවෙච්ච පලවෙනි වතාවද ?
නෑ… දෙතුන් වතාවක් අහුවුණා. හැබැයි කුඩු ප්‍රමාණය අඩුයි.
මිලිග්‍රැම් ගණන් මේ පාර අහුවුණේ ග්‍රැම් හතක් එක්ක. එකයි බය.

ඇයි මොනවටද බය ?
එල්ලලා මරයි කියලා.

මැරෙන්න බයද?
ඔව් නොනා මැරෙන්න බයයි.

හරි ඔයා මැරෙන්න බයයි එත් ඔයා විකුණපු කුඩු උරන්න දැන් කී දෙනෙක් අකාලේ මරණයට ළං වෙලා කිදෙනෙක් ඇත්ද ?
ඔයාගේ හැටි බලන්න වෙන්න ඇති මමත් දවසකට හාර පන්දාහක කුඩු ගහාලා ජිවත් වෙච්ච කෙනෙක්නේ.
මේක ඇතුලට ආවට පස්සේ හරියට කුඩු නෑ ඉදලා හිටලා කාගෙන් හරි හිඟාකාලා චුට්ටක් ගහානවා එක මදි මට කැම කන්න බැ. අප්පිරියයි එකයි කෙට්ටු වෙන්නේ අත පය වෙව්ලනවා.
ඇගට පන නෑ හරිම අමාරුයි නෝනා.
දැන්වත් හිතලා බැරිද කුඩු වලින් මිදෙන්න කොහේ කරන්නද නෝනා කුඩු නැතුව ජිවත් වෙනවා කියලා හිතන්නවත් බෑ.

ඇයි ඒ?
ඒක මගේ හිතට කා වැදිලා තියෙන්නේ කුඩු තමයි මගේ ජිවිතේ
හරි ඔයාගේ එකම බලාපොරොත්තුව කුඩු උරන එකනේ
ඔව් ඔව් මට කුඩු නැතුව මුකුත්ම කරන්න බෑ

ඒ කියන්නේ ඔයා එළියට ගියත් කරන්නේ කුඩු උරන එකයි කුඩු ගන්න සල්ලි හොයා ගන්න කුඩු විකුණන එකයි?
ඔව් ඉතින් මම වෙන කරන්න දෙයක් දන්නේ නෑ.

ඒ කියන්නේ එලියට ගියාම කුඩු ගහන එක විකුණන එක ඇර වෙන දෙයක් කරන්න බලාපොරොත්තුවක් නෑ ?
නෑ. නෝනා වෙන දෙයක් මට කරන්න බෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!