Gossip

“මට තිබුණු අමතර ලිංගික අවයවය වදයක් විදිහටයි දැක්කේ.ලිංගික සංක්‍රාන්තිය වීම මගේ වරදක් නෙමෙයි. ඔවුන් නැති නම් මම තවමත් සිතින් ගැහැනියක් ගතින් පිරිමියෙක්.” – Photos

අපේ සමාජයේ සංක්‍රාන්තික ලිංගික සංක්‍රාන්තිකයන් දිහා හුගදෙකේ බලන්නේ අපහාසයෙන් වගේම වැරදි ඇහැකින්.
හැබැයි ඔවුනුත් අපි වගේම මිනිස්සු කියන එක කිසිම වෙලාවක අමතක කරන්න හොද නැහැ.
හෝමෝන වෙනස් වීම නිසා ඇතිවෙන මේ විපර්යාසවලට ඒය කොහොමනම් වගකියන්නද.
ඒ හේතුව නිසාම මානසිකව විදවන තරුණ තරුණියන් සමාජයේ කොයි තරම්නම් ඉන්නවද.
මේ කියන්න යන්නෙත් අවුරුදු 6දී ලිංගික සංක්‍රාන්තික අත්දැකීමකට මුහුණ දුන් යුවතියක් ගැනයි.
Jazz Jennings නම්වූ ඇයට දැන් වයස අවුරුදු 18 ක්.
පිරිමි ළමයෙක් විදිහට ඉපදුනු ඔහුගේ වයස අවුරුදු 6 දී ඔහුගේ වෙනසක් දෙමාපියන් දකිනවා.
ඒ නිසා ඔහු අදින්නේ පලදින්නේ ගැහැණු ළමයෙක් විදිහට.
කටහඩත් වෙනසක් නැහැ. හැලහැප්පීම් මැද ඔහු යුවතියක් බවට පත් වෙනවා.
දැන් ඇය යුවතියක්. ඇයගේ ලිංගෙන්ද්‍රයා ඉවත් කරන සැත්කම අවසන් වෙන්නේ දින කිහිපයකට කලිනුයි. ඇය ඒ අත්දැකීම මේ විදිහට විස්තර කරනවා.

“ලිංගික සංක්‍රාන්තිය වීම මගේ වරදක් නෙමෙයි. ඒක දෙවියන්ගේ කැමැත්ත. පුංචි කාලේ මම ගැහැණු ළමයෙක් වගේ හැසිරෙනවා කියලා මගේ දෙමාපියන්ට නෑදැයෝ හිත මිතුරන් එහෙම දොස් කියලා තිබුණා. ඒ නිසා මගේ දෙමාපියන් වුනත් මගේ වැඩවලට ඒ තරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒ කාලේ මතක් වෙනකොට මට ඇත්තටම තරහක් එන්නේ. මම ඒ අතීතයට වෛර කරනවා. කොහොම නමුත් මගේ ලිංගික විපර්යාසය දැනගත්තට පස්සේ මගේ දෙමාපියන් මට උදව් කළා. පිරිමි ළමයෙක් විදිහට ඉපදුනු මම ගැහැණු ළමයෙක් වෙමින් පැවතුනා. අන්තිමට ඒ වෙනුවෙන් මගේ දෙමාපියන් සටන් කරන්න පටන් ගත්තා. මාව වෛද්‍යවරු ලගට අරගෙන ගියා. මගේ වයසත් එක්ක ලිංගික අවයවය ඉවත් කරන්න පුළුවන්කමක් තිබුනේ නැහැ. නිදි වයස එනතුරු හිටියා. ඔපරේෂන් එකට යද්දී හිතට බයක් දැනුනට වඩා සතුටක් දැනුනේ. මොකද කරදර කාර අවයවය ඉවත් කරන නිසා හා ගැහැනියක් විදිහට හදවතින්ම වැළද ගන්න පුළුවන් නිසා.දක්ෂ වෛද්‍යවරු පිරිසක් සැත්කම සාර්ථකව කළා. අදටත් එහි වේදනාව දැනෙනවා. නමුත් සැත්කම අවසන් කරලා මට සිහිය එද්දී මගේ අත ඉබේටම ගියේ ඉනෙන් පහලට.මගේ ලිංගික අවයවය ඉවත් කරලා. ඒ මොහොතේ වේදනාව එක්ක මට දැනුනු සතුට කියා ගන්න බැරි වුනා. මම යලිත් ඉපදිලා කියන හැගිමමයි දැනුනේ.
මට වයස අවුරුදු දෙකක් වෙද්දී මම දවසක් මගේ අම්මගෙන් මම ගිහින් ඇහුවා ඇයි මේ විදිහට මාව වෙනස් වෙන්නේ මට යෝනි මාර්ගයකුත් තියෙනවා කියලා..ඇය ඒ වෙලාවේ කිව්වේ ඒක මැජික් එකක් කියලයි..”
ඇය අතීතය ඒ විදිහට මතක් කරනවා. ඒ වගේම දන්නා දවසේ සිට ගැහැණු ළමයෙක් විදිහට කොණ්ඩය වවා ඇදුම් විලාසිතා පවා භාවිතයට ගත් බව ඇය මතක් කරනවා. එපමණක් නෙමෙයි ලිංගික සංක්‍රාන්තිකයින් වෙනුවෙන් හඩ නැගු යුවතියක් බවත් මතක්කරනවා.
“මගේ සැත්කම සාර්ථකව අවසන් කළා කියලා මගේ ෆොටෝ අරගෙන යාළුවො ඒවා සමාජ ජාල වෙබ් අඩවිවල පලකරලා. ඒවාට බොහෝ අය සුභ ප්‍රතිචාර දක්වලා තිබෙනවා. ඒ වගේම මං ගැන බොහෝ අය දැන් දන්නවා. ඒකට හේතුව මගේ එදිනෙදා විස්තර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගත් නිසයි. මෙතනින් එහාට මට කියන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මොකද මම දැන් සම්පුර්ණ නිසා. ඒ වගේම මගේ දෙමාපියන්ට
මගේ යහළු යෙහෙලියන්ට මට ප්‍රතිචාර දක්වන සියලුම දෙනාට ස්තුතියි. විශේෂයෙන්ම මගේ සතුට මගේ ජිවිතයට ලං කර දුන් වෛද්‍ය කණ්ඩායමට. ඔවුන් නැති නම් මම තවමත් සිතින් ගැහැනියක් ගතින් පිරිමියෙක්..”
ඇය එහෙම කියන්නේ හිතේ සතුටින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!