Gossip

“මගේ ළඟින් ඉන්න හිත හොඳම කෙනා එයා තමයි..සමහර වෙලාවට ඇය තමන්ට නුසුදුසු අය ඇසුරු කරනවා”

ගයාත්‍රී ඩයස් කියන්නේ අපේ රටේ රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු ජනප්‍රිය නිළියක්.
මේ ඇයගේ අලුත්ම විස්තර සතිඅන්ත පුවත්පතක පලවී තිබූ අයුරුයි.

මේ දවස්වල මොනවද කරන්නේ…?
මගේ සැලොන් එකේ වැඩකටයුතු කරගෙන යනවා. නුගේගොඩ සැලුන් එක අලුතින් නැවත විවෘත කරන්න සියල්ලම සූදානම්. නයනා කුමාරියි මමයි අලුත් වැඩක් කරන්න ඉන්නේ. ඒ මනාලියන් හැඩගැන්වීමේ වැඩමුළුවක්.

දුවලා දෙන්නා එහෙම…
ලොකු දුව මලීෂා I. T. පැත්තෙන් ඉදිරියට යන්නේ. චූටි කාලේ චන්නගේ ටෙලිනාට්‍යයක රඟපෑවා.
ඇය ගායනයටත් දක්ෂයි. පොඩි දුව දුවාෂා. චිත්‍රපටයක රඟපෑවා. තාම පාසල් යනවා.

නයනා කුමාරිව කොහොමද මුලින් හඳුනාගත්තේ…?
එරංග සේනාරත්නගේ ඩ්‍රාමා එකේදි ඇයව මුලින්ම හමුවුණේ. සෑහෙන කාලෙක ඉඳන් ඇයව මා හඳුනනවා.

නයනගේ ‍ඔයා දකින හොඳ ගතිගුණ මොනවද?
නයනා හොඳ හදවතක් තියන කෙනෙක්. මම ඒක හොඳටම දන්නවා. ඇගේ හිත හුඟාක් හොඳයි. ඇය හැම දෙනාම එක්ක මිතුරුකම් පවත්වන්නෙ නැහැ. හැබැයි කාට හරි හිතවත් වුණොත් පණවුණත් දෙනවා. මගේ ළඟින් ඉන්න හිත හොඳ මිතුරියක්.

නයනා කොයිවගේ කෙනෙක්ද?
අපි දෙන්නාම එක වගේ. රඟපෑමයි, ව්‍යාපාර කටයුතුයි, ගෙදර වැඩයි එකට ම සිදුකරන දෙදෙනෙක්. අපි පවුල් පරිසරයත් රැකගෙන ධෛර්යයෙන් කටයුතු කරන දෙදෙනෙක්. නයනා මම වගේ. මම ඇය වගේ. ඇය සැලසුමකට අනුව ජීවත් වෙන කෙනෙක්.

නයනගේ ඔයා දකින අඩුපාඩු එහෙම නැද්ද?
සමහර වෙලාවට ඇය තමන්ට නුසුදුසු අය ඇසුරු කරනවා යාළුවෝ කියලා හිතාගෙන. ඒ තුළින් ගැටුම් ඇතිවෙන්න පුළුවන්.

පහුගිය දවස්වල අමනාපෙන් හිටිය කතාව ඇත්තක්ද?
ෂෝ එකකදී පොඩි හිත් අමනාපයක් වුණා. ඒ නිසා පහුගිය දවස්වල ප්‍රශ්න ඇතිවුණා. ඒ නිසා ‍අපි දෙන්නා රණ්ඩු නොවුණත් එකට සම්බන්ධ නොවී සිටියා.
මට ෂෝ එක නවත්වන්න බැරි නිසා ෂෝ එක කළා. ඒත් අපි එල්ලි එල්ලි රණ්ඩු වුණේ නැහැ. ලොකුවට කේන්ති ගත්තෙත් නෑ. පස්සෙ ආයේ යාළුවෝ වුණා.

නයනගේ විවාහ ජීවිතය..
රංගන කටයුතු වගේම ව්‍යාපාරික කටයුතුත්, විවාහ ජීවිතයත් ඇය සමබරව ගෙනියනවා. ඇය හොඳ විවාහ ජීවිතයක් ගතකරන කෙනෙක්.

ඇය දෛවය විශ්වාස කරන කෙනෙක්ද?
එයා හොඳින් බෞද්ධාගම විශ්වාස කරන, අදහන කෙනෙක්. ඇගේ විවාහයත් පන්සලේ තමයි සිදුකළේ. මමත් බෞද්ධාගම විශ්වාස කරනවා. හඳහන විශ්වාස කළත් හඳහන කරේ තියාගන්නෙ නෑ.

ඇගේ අනාගතය ඔබ දකින්නේ?
ඇය සැපේදි විතරක් නෙමෙයි දුකේදිත් සිටින හොඳම මිතුරියක්. ඇය යහපත් බිරියක් හොඳ මවක්. දක්ෂ නිළියක්. ඇගේ අනාගතය යහපත් එකක් වේවි.

ඔබේ හෙට දවස කොහොම වේවිද?
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මගේ කටයුතු සාර්ථකව කරගෙන දරුවන් දෙදෙනාට හොඳ මවක් වෙලා කලා ලොවෙත් ඉදිරියට යාම. කොහොමත් අද දවසේ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ලොකු දේවල් ගැන ලොකු බලාපො‍ෙරාත්තු මට නැහැ. සරලකම තමයි වඩා වැදගත් වෙන්නේ.

නයනගේ ඇඳුම් පැලඳුම් ඔබ දකින්නේ කොහොමද?
නයනා එයාගේ ඇඟට ගැළපෙන විලාසිතා කරනවා. ඇගේ පෞරුෂය රැකගෙන විවිධ ඇඳුම් හැඩට අඳිනවා.

ගයත්‍රී හිතන්නේ ගැහැනියකට නිළියක් වීම සාර්ථක විවාහයට බාධාවක්ද?
කාන්තාව හොඳ නම් රඟපෑවට ප්‍රශ්නයක් නැහැ. එක එක කාන්තාවන්ගේ චරිත මත තමයි හොඳ නරක රඳා පවතින්නේ. හොඳ කාන්තාවකට කොතැනත් හොඳට ඉන්න පුළුවන්. නරක කෙනකුට කොහෙත් නරක නාමෙ තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!