Gossip

“මගේ රත්තරං පැටියා” කියමින් පපුවට පහරවල් කිහිපයක්‌ ගසා ගනිමින් අම්මා සිහිසුන්ව ඇද වැටෙනවා – සරසවි සිසුවාගේ අවසන් ගමන

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ කැබිතිගොල්ලෑව ඉහළ උස්‌ගොල්ලෑව ග්‍රාමයේ පදිංචි, විසිතුන් හැවිරිදි වියේ පසුවන, පැතුම් මධුෂාන් ජයසිංහ සිසුවා 18 දා උදැසන ජීවිත ගමනින් සමුගෙන ගියේ මවට, පියාට, සොහොයුරන් හට මිතුරන් සහ ගම්වැසියනට නෙතට කඳුළක්‌ නොදැනීම වැටීමට සලස්‌වමින්.

ජයසිංහ පියාට සහ කාන්ති රූපලතා මවට දරුවන් තුන්දෙනෙකි. පැතුම් පවුලේ දෙවැනියාය. 18 දා පැතුම් සිසුවා විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සොකරි නාට්‍ය පෙන්වීමට අවශ්‍ය මුදල් රැස්‌කර ගැනීම සඳහා අඹරැල්ල අච්චාරු සාදා විකිණීමට අඹරැල්ලා කැඩීමට ගිය අවස්‌ථාවේ විදුලිසර වැදී මිය ගොස්‌ ඇත. පැතුම් සිසුවා අඹරැල්ල ගසට නැග ඇත්තේ ඇලුමිනියම් පටියක්‌ රැගෙනය. එම පටිය උපයෝගී කරගෙන මෙම අඹරැල්ල ගෙඩි කැඩීමට ගත් උත්සාහයේදී අසල තිබූ අධිබලැති විදුලි රැහැනක පටිය පැටලී විදුලිසර වැදීමෙන් මෙම ශෝචනීය ඉරණමට මුහුණ දී තිබේ.

එයින් මහත් කම්පනයට පත් පැතුම්ගේ මව අද වන තුරුත් පියවි සිහියට පැමිණ නොමැත. විටින් විට “මගේ රත්තරං පැටියා” කියා ශබ්ද නගමින් පපුවට පහරවල් කිහිපයක්‌ ගසා ගනිමින් මව සිහිසුන්ව ඇදවැටෙනුයේ අසල සිටින සියලු දෙනාම බලා සිටීමට නොහැකි ලෙස කම්පනයට පත් කරමිනි. ජයසිංහ පියා විටින් විට පැමිණ නෙතට කඳුළු පුරවන් තම මියගිය දරුවාගේ මුහුණ අතගා “මගේම වෙලා මතු සසරෙත් ඉපදේවායි” ප්‍රාර්ථනා කරන්නේ හැඬූ කඳුළින්ය.

පැතුම් ගෙනා ආයුෂ අවසන් යෑයි අසල්වැසියෙක්‌ පැමිණ මෙම දෙමවුපියන්ගේ සිත් සෑදීමට වෙහෙස වනු එහි යන කාටත් පෙනෙන්නට ඇත. සියල්ල හඬවමින් ආලෝකය පරදවා ඉහළ උස්‌ගොල්ලෑව ගම්මානයට පැතුම්ගේ මරණය අඳුර ගෙනවිත් හමාරය. ගම් වැසියෝ සියල්ලෝම පැතුම්ගේ නිවසට පැමිණ දුක බෙදාගනිමින් මේවන විට කාලය ගත කරමින් සිටිති. සියල්ලන් හඬවා පැතුම් තම අවසන් හුස්‌ම හලමින් රටට පාඩමක්‌ ඉගැන්වීය. තම අධ්‍යාපනය පමණක්‌ සිතමින් තම ඉලක්‌කය සපුරා ගැනීම ඔහුගේ අරමුණ වී තිබිණි. ජීවිතය ගැන ඔහු නොසිතුවේ ඒ නිසාවෙනි. අද වනවිට පැතුම්ගේ හිතමිතුරෝ පැතුම්ට අවසන් ගෞරව කිරීමට නිවසට දහස්‌ ගණනින් පැමිණෙති. නෑදැ හිතමිතුරෝ ද තැන තැන පැතුම් ගැන ගුණ වර්ණනා කරති. පැතුම් සියල්ල අතහැර අද (20 දා) අවසන් ගමන් යැමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!