Gossip

“මගේ මුල්ම පෙම්වතා මේනක රාජපක්ෂ – ආදරය කරද්දි තෝරගන්න ඕනෑ අපිව විශ්වාස කරන කෙනෙක්වයි” – මේනකා මධුවන්ති

මේනකා මධුවන්තිව ගොඩක් අය හඳුනන්නේ රංගන ශිල්පිණියක් වශයෙන් පමණක් නෙවෙයි නර්තන ශිල්පිණියක් විදියටත් ඇය බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. ඉතින් මේනකා ඇය ගැන අලුත් ආරංචියක් පුවත්පතක් හමුවේ කියලා තියෙනවා. ඒ තමයි මේනකා දැන් පෙම්වතියක් කියන එක. මේ ඒ කතාබහයි.

මේනකාගේ හිත ආදරය හදුනාගන්නේ ?
ඉස්කොලේ කාලේදී මම කොල්ලෙක් වගෙයි. ක්‍රීඩාවලට වගේම මම නර්ථනය ඉගෙන ගන්නත් උනන්දු වුණා. මගේ මේ දක්ෂතා නිසා මාව පාසැලේ බාලිකාවන් අතර ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා. හැබැයි පාසැල් වියේ මට ප්‍රේම සබදතා නම් තිබිලා නැහැ.

ඉස්කොලෙන් පස්සේ ?
ඊට පස්සෙත් මම දිගටම නර්ථනය හැදෑරුවා. මට ඕනෑ වුණේ නිළියක් වෙන්න නෙවෙයි නර්ථන අංශයෙන් ඉදිරියට යන්න. බුදවත්ත සර් යටතේ නැටුම් ඉගෙන ගන්න කාලෙ අපිට රූපවාහිනී නාලිකාවක නර්ථන තරගයක් වෙනුවෙන් නර්ථනය ඉදිරිපත් කරන්න අවස්ථාව හිමිවුණා.

මේනකාගේ ජිවිතයට ආදරයක් හමුවන්නේ ?
ඔය කාලේම තමයි මට මගේ ප්‍රථම ප්‍රේමය හමුවෙන්නේ. ඒත් ඒ ආදර කතාව වැඩිදුර යන්නේ නැහැ. මට රංගයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවුණා. හැබැයි ඔහු මම කලාවට එනවට කැමැති වුණේ නැහැ. මේ දේවල් එක්ක ඒ ආදර කතාව මැකිලා ගියා.

තිරයේ මේනකාට ඉස් ඉස්සරලාම ‍පෙම්කරන්න හමුවෙන්නේ ?
තිරයේ මට ඉස්සරලාම පෙම්කරන්න ලැබෙන්නේ මගේම නම තියෙන කෙනෙකුට. ඒ මේනක රාජපක්ෂ. වැඩියෙන්ම මට රගපාන්න ලැබෙන්නේ පරාජිත පෙම්වතියගේ චරිතයයි. මට හිතෙනවා මට සාර්ථකව රගපාන්න පුළුවන් පරාජිත පෙම්වතියගේ චරිතය කියලා. එහෙම වුණාට මම පෞද්ගලිකව වෙනස් චරිත රගපාන්න කැමැතියි.

මේනකාගේ ජිවිතය දිනාගත් ආදරය කලාවෙන්ද හමුවෙන්නේ ?
එයා මට හමුවුණ විදිහ මේ යැයි මට විස්තර කරන්න අපහසුයි. මම මෙහෙම කියන්නම්. ජිවිත ගමනේ ඉදිරියට යද්දි මට දෛවය විසින් ඒ ආදරය මුණගස්වනවා. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒ වගේම මම නිළියක් කියලා හිතලා මට සමිප වුණ කෙනෙකුත් නෙවෙයි. එයා කැමැති වුණේ මගේ සාමාන්‍ය සරළ ජිවන ස්වභායටයි.

ඒ ආදරයෙන් හා හා පුරා කියලා මේනකා ලද තිළිණය මොකක්ද ?
මට එයාගෙන් ලැබුණේ ලස්සන මුද්දක්.

කලාවට සබදතා නැති ඔහුගෙන් මේනකාගේ කලා දිවියට ලැබෙන උදව් උපකාර කොතරම්ද ?
සහයෝගයක් කියන්නේ ලොකුවට උදව් ලැබෙනවා කියලා නැහැ. එහෙමයි කියලා බාධා කිරීමකුත් නැහැ. නමුත් ඉතින් ආදරය කරන කෙනා අකමැති වුණොත් හරි කලාව මගේ පෞද්ගලික දිවියේ කටයුතු වලට බාධාවක් වෙනවා නම් හරි කලාවෙන් ඈත්වෙන එක මට අසීරු දෙයක් නෙවෙයි. මම කැමැති නිළියක් විදිහට ඉදිරියට යනවට වඩා ව්‍යාපාරික පැත්තෙන් ඉදිරියට යන්නයි.

මේනකාගේ ආදර කතාවේදී දෙමව්පිය ආශිර්වාදය කොයි තරම් දුරට වැදගත් වුණාද ?
ඒක මට හරිම වැදගත්. දෙමව්පියන්ගේ ආශිර්වාදය මම අනිවාර්යෙන්ම බලාපොරොත්තු වුණා. මගේ අම්මයි තාත්තයි මගේ සතුට ගැන හිතනවා. මම තෝරාගත් ප්‍රේමයට අම්මලාගෙන් ආශිර්වාද ලැබුණා.

හෙට අනිද්දාම මේනකා පෙම්වතියගේ චරිතයෙන් බිරියකගේ චරිතයට මාරුවෙන්න සුදානමින්ද ?
මේ අවුරුද්ද අවසන් වෙද්දි විතර ඒ ගැන තොරතුරු කියන්නම්. කොහොමටත් මම කැමැතියි ඒ කටයුතු ආසන්නයට එනතුරු එයාගේ වෘත්තීය නම වගේම අපේ විවාහ මංගල්‍ය ගැන තොරතුරු ප්‍රසිද්ධ වෙනවාට.

මේනකාගේ ආදර කතාව රටට කියන එක කරදයක්ද?
ඔව්. ගොඩක් වෙලාවට නිදහස සීමා වෙනවා. වෙලාවකට එහෙම වුණ එක ගැන දුකක් ඇතිවෙනවා.

මේනකාගේ ආදර කතාවේ මත ගැටුම් හැල හැප්පීම් වලින් නිසංසලේ ගලායනවාද ?
එහෙම කියන්න බැහැ. මේ ලොකේ කාටවත් සියයට සියයක් ගැළපෙන සමාන විදිහට හිතන පතන අය හුමවෙන්නේ නැහැ. දෙදෙනෙක් එකතුවෙලා ජීවත් වෙද්දි ඒ නොගැලපීම් හදුනාගෙන ඒ දෙවල් ඉවසගෙන ඉදිරියට යෑම තමයි සිදුවිය යුත්තේ.

ඔබගේ වෘත්තීය ස්වභාවය අනුව කටකතා විශ්වසායන් බිදියන අවස්ථා වැඩියි නේද ?
කලා ක්ෂේත්‍රයේ නෙවෙයි ඕනෑම ක්ෂෙත්‍රයක කටකතා වලට කෙනෙකුට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒවා සාමාන්‍ය දේවල්නේ. අපි ආදරය කරද්දි අපි තෝරගන්න ඕනෑ අපිව විශ්වාස කරන කෙනෙක්වයි. මම ආදරය කරන කෙනා මාව විශ්වාස කරන නිසා මට එවැනි ප්‍රශ්න ඇතිවෙලා නැහැ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!