Gossip

මගේ මැණිකෙ මම දන්නවා රත්තරනේ ඔයාට අමාරුයි කියලා -ඒත් මම ඔයාට පුලුවන් උපරිමයෙන්ම හැමදේම කරනවා රත්තරන් – බිරිඳගේ විලිරුදාව සැමියා දැකපු හැටි

විවාහ වුණු යුවළකගේ ලොකුම බලාපොරොත්තුවක් තමයි දරුවෙක් හදන එක.

බිරිඳගේ කුසයේ තමන්ගේම දරුවෙක් වැඩෙනකොට තාත්තා කෙනෙක්ගේ සතුට කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඉතින් අපි මේ කියන්න යන්නේ ෆේස්බුක් එකෙන් හමුවූ අපූරු සටහනක් ගැන.

මෙය නම් කරලා තියෙන්නේ බිරිඳගේ විලිරුදාව කියලායි.

මේ එම සටහනයි.

බිරිඳගේ විලිරුදාව
_______________

“ආව් බලන්නකො මහත්තයා පොඩ්ඩක් නැමුනත් රිදෙනවා.. මේ බඩ ගෙඩිය හැමදේකම හරහට හිටියම මටම තමයි එපා වෙන්නේ ඉතින්”

“චුප්.. කට.. පිස්සුද මෝඩියෙ ඔහොම කතා කියන්නේ.. ⁣⁣මේ බන්ඩිය ඇතුලෙම ජීවත් වෙන්නෙ අපි දෙන්නගෙ ප්‍රාණයනේ.. එයාට මුකුත් කියන්න එපා තේරුනාද”

සුදුයි රෝසයි මල් වැටිච්චි ගවුමකුත් ඇදගෙන ලැමටත් වැඩිය ඉදිරියට නෙරා ආ කුසට අත තියාගෙන විහංගාගෙ සැමියා හරි ආදරෙන් ඇයට ඔවදන් දෙන්නටවුනි..

“හරි හරි ඔන්න මම මුකුත් කියන්නෙ නෑ.. තාත්තයි දුවයි දැන්මම නීති දාන්න පටන් අරන් මට”

විහංගා සිනෙත්ගේ මුහුණ දෙස බලා හරි ආදරෙන් හුරතලේට දොඩාගානෙ යන්නටවුනි..

“මොනවද කන්නෙ මැණික අද”

“අනේ මට කොත්තුවක් කන්න ඕනේ.. ගොඩ කාලෙකින් කන්න බැරිවුනා.. අපි වෙනදට වගේ ටිකක් සැර දාලා එහෙම කමුද”

“අම්මෝ පිස්සුද අනේ.. බෑ බෑ කොත්තු කන්න දෙන්න බෑ.. අද අපි හොද කෑමක් කමු”

“ඒ මොනවද”

සිනෙත් දෙස ඇස් ලොකු කර බලන් හිටි විහංගා දෙගිඩියාවෙන් හිදී..

“අඹ උයලා.. බත් උයලා….”

“වාව් අනේ මගේ කටට කෙලත් උනනවා සිනෙත්.. ඉතින් ඔයා හදන්නකො”

“ඕකට ඉතින් ඔච්චර උඩ පනින් ඕනිද මැට්ටි.. මම හදන්නම්.. ඔන්න හැබැයි බඩ පිරෙන්නම කන්න ඕනි.. බලමුකො අපෙ බබා කාගෙ කෑමටද වැඩියෙන් ආස කියලා”

දින දෙකකට පසු______

“සිනෙත් ඔයා තාම නිදි නැද්ද.. ගොඩක් රෑ වෙලානෙ ළමයෝ”

“නින්ද යන්නෙ නෑ විහංගා.. ඔයා නිදාගන්නකො”

මහා රෑ ගැස්සීමෙන් ඇහැරුනු විහංගා සිනෙත්ව දැක්කේ නින්දට බර වෙච්ච ඇස් දෙකත් තියා⁣ගෙන අැය දෙස බලන් හිදීමෙනි..

සිනෙත්ට තම බිරිඳ කෙරෙහි ඇත්තේ අප්‍රමාණ වූ ආදරයකි.. එය කොච්චරක්ද කියා ඔහුට කියගන්නටද බැරිය..
ඔහු ඇගට පහසු විදිහට හරි අමාරුවෙන් නිදාගෙන උන් විහංගා දෙස බලා දහස් වාරයක් ආදරේ මුමුණන්නට ඇත..

මගේ මැණිකෙ මම දන්නවා රත්තරනේ ඔයාට අමාරුයි කියලා.. ඒත් මම ඔයාට පුලුවන් උපරිමයෙන්ම හැමදේම කරනවා රත්තරන්.. මගේ හදවත දැන් ඔයා දරන් ඉන්නෙ කුසතුලයි වස්තුවේ.. හැමදාම රෑට මට පුලුවන් තරන් වෙලා ඇහැරිලා ඉන්නෙ ඔයාට අමාරුවක් උනු වෙලාවට මම ලගින් ඉන්න ඕනි නිසයි.. ඒ දවස් වලට ඉතින් පරක්කු වෙලා වැඩට ගිහින් බොසාගෙන් අහන බැනුම් කෝටියක්.. ඒත් ඔයාට දැනෙන හැම දුකක්,වේදනාවක්ම මේ පිරිමි පපුව දරන්න සූදානම්..
මටත් දැනෙනවා දරුවා කුසට පා පහරවල් සැරටම දෙනවා.. ඒ සතුට ඉවසන්න මැණික.. නීරෝගි දරුවෙක් කුසතුල වැඩෙන්නෙ කියලා සලකුණු පෙන්වන්නත් ඕනෙනෙ..

පන්සලකට, දේවාලෙකට යනවා උනත් ඔයාගෙ අතින් අල්ලන්ම ඔයාගෙ වටේම කැරකෙන්නේ නුබේ ආරක්ෂාවට මිසක් අවිශ්වාසෙකට නෙමෙයි දෙයියෝ..
පෙලක් වෙලාවට ඇගට අගුන කෑමත් ඉල්ල ඉල්ල මුරණ්ඩු වෙද්දි මං ඔයාට තරවටු කරනවට මට සමාවෙන්න.. මොකද ඔය මූනෙ හිනාවක් දකින්න මිස දුකක් දැකගන්න මං ඔයාව කැන්දන් අාවේ නෑ විහංගා.. හැමදාම රස්සාවට යන්න අකමැති උනත් අපේ පැටියගේ අනාගතයට රස්සාව වැදගත් කියලා මතක් වෙන්නේ මගේ මහන්සිය,ඩාදිය ගානකුත් නැතුව.. රස්සාව කරන ගමනුත් මට සිහි වෙන්නේ ඉක්මනට ගෙදර යන්න ඕනෙ කියන අදහසයි.. ඉතින් මම ඒ වැඩත් කරන් ඔයාගෙ වැඩත් කරන් දවස ගෙවන්නෙ හරිම කැමැත්තෙන්..
තව ටික කාලයක් ඉවසන්න මැණික.. දරුවා ඉක්මනට ඉපදුනාම හැමදේම හරියනවා..

“උම්මා කෝ කෝ දැන් ඔයත් නිදාගන්න සිනෙත්..”

“හරි මැණික.. බුදු සරණයි මගෙ පැටියටයි.. අම්මටයි”

සමාප්තයි..

මේ බොළඳත්වය නොව… පිරිමියෙකු තුල තම බිරිද කෙරෙහි ඇති ආදරයකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!