Gossip

මගේ පෙම්වතිය වෙන නිළියක් – සමහරු කෝල් කරලත් ඒ ගැන මගෙන් ඇහුවා – මේනක රාජපක්ෂ

ඇමෙරිකාවට ගිය මේනකයි නෙහාරයි දැන් ඔන්න ආයෙමත් ලංකාවට ඇවිත්. ඒ ආවට පස්සේ ආයෙමත් ඇමෙරිකාවට නොයන්නත් මේ දෙන්නම තීරණය කරලා. ඒත් නෙහාරාගේ අධ්‍යාපන කටයුතු තවමත් අවසන් වී නැති නිසා විභාගය ළංවෙන විට ටික කලකට පමණක් නෙහාරා ඇමෙරිකාවට යා හැකි බව මේ දෙදෙනාම පසුගිය දවසක පුවත්පතකට කියා තිබුණා.. ඒත් පසුගිය දවස්වල මේ දෙදෙනා ගැන තවත් ආරංචියක් පැතිර ගියා. “හදිසියේම මේනකව ලංකාවේ දාලා නෙහාරා රට ගිහින්” කියලා. මේ මේනක පුවත්පත සමග කළ කතාබහක්.

මේනක සතුටින්ද ඉන්නේ?
ඔව්…ඔව්.. ගොඩක් සතුටින්.

අවුරුදු තුනකට පස්සේ ලංකාවට ඇවිත් අලුත් නිර්මාණයකට එහෙම දායක වුණේ නැද්ද?
අලුත් ටෙලි නාට්‍යයක ෂූටිං පටන් ගත්තා. ඒ පසුගිය 3 වැනිදා. 7 වැනිදා අලුත් චිත්‍රපටයක රඟපාන්නත් ගත්තා.

ඒ කියන්නේ ආයෙමත් නළුකමට ඇවිත්. එතකොට නෙහාරා?
ටෙලි නාට්‍යයේ නම් මගේ පෙම්වතිය වෙන නිළියක්. චිත්‍රපටයේ නම් නෙහාරයි මමයි තමයි එකට රඟපාන්නේ.

එතකොට නෙහාරා ගැන පැතිර යන මේ ආරංචිය මොකක්ද?
අපි දෙන්නවත් නොදන්න දේවල් තමයි බොරු කටකතා විදියට මේ රටේ පැතිරෙන්නේ. සමහරු කෝල් කරලත් ඒ ගැන මගෙන් ඇහුවා. නෙහාරා ආපසු ගියා කියලා අදටත් සමහරු විශ්වාස කරනවා.

ඒ කියන්නේ ඒක බොරු ආරංචියක්?
ඔව්..වෙබ් අඩවියක පළ කරපු බොරු ප්‍රවෘත්තියක් නිසා තමයි ඔය කතාව පැතිරුණේ.

ඇයි ඒ වගේ ආරංචියක් පැතිරිලා ගියේ?
නෙහාරාගේ අධ්‍යාපන කටයුතු තවමත් අවසන් වෙලා නැහැ. ඉතිරි ටික සම්පූර්ණ කරන්න එයාට යන්න වෙනවා. ඒත් මට ආයේ යන්න අවශ්‍යතාවක් නැහැ. මගේ උපාධිය ඉවරයි. ඒ හින්දා ලබන අවුරුද්දේ ආයෙම ගිහින් ඉතුරු විභාග කටයුතු කරල එන්න තමයි නෙහාරට ඕන වුණේ. ඒ බව ඇය පුවත්පත්වලටත් කිව්වා. ඒක තමයි වැරදි පුවතක් විදියට සමහර වෙබ් අඩවි විකෘති කරලා පළකර තිබුණේ.

එතකොට දැන් නෙහාරා ලබන අවුරුද්දේ ආයෙම යනවා?
නැහැ… අපි ඒ තීරණයත් වෙනස් කළා.

එතකොට නෙහාරාගේ අධ්‍යාපන කටයුතු අතරමග නතර වෙනවානේ?
විදෙස්ගත නොවී ඔන්ලයින් පුළුවන් ඒ කටයුතු අවසන් කරන්න.

එතකොට ඔබ ඉගෙනගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද?
මම ව්‍යාපාර හා මූල්‍යකරණය තමයි වැඩිදුරටත් ඉගෙන ගත්තේ. මේ රටේ වෙළෙඳ‍පොළ ගැන තව ටිකක් හදාරලා මම උගත් දේ තුළින් ව්‍යාපාර ක්‍ෂේත්‍රයට එන්නයි හිතාගෙන ඉන්නේ.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!