Gossip

“මගේ පුතා ගයාන් දැන් රට ගිහින් ටැක්සි එළවනවා. පීසා බෙදන්නත් යනවා. මගේ මල්ලි ෂෙඩ් එකක පෙට්‍රල් ගැහුවා.. ඒවා කියන්න මට ලැජ්ජාවක් නැහැ”

ජිප්සීස් සංගීත කණ්ඩායම කියන්නේ කාලෙන් කාලෙට ගීත ලෝලීන්ට අලුත් අත්දැකීම් ලබාදෙන සංගීත කණ්ඩායමක්.
ඔවුන් මීට සති කිහිපයකට පෙර අලුත් ගීතයක් එළිදැක්වුවා.
ඒ “බොන්ජොර්නෝ” නමින්.
මේ විදිහේ අමුතු නමක් ඊට ලැබිලා තියෙන්නේ එය රැකියාව සඳහා ඉතාලියට යන ලාංකිකයන් ගැන ලියැවුණු ගීතයක් නිසයි.
“බොන්ජොර්නෝ” ගායනා කරන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා.
ඉතාලි සංස්කෘතිය නිරූපණය කෙරෙනා මියුසික් වීඩියෝවක් තමයි මේ ගීතය වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන්නේ.
මෙම මියුසික් වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරියාට පසුව ජිප්සීස්ලා පිටරට ගිහින් දුක් මහන්සියෙන් මුදල් උපයන ලාංකිකයන්ට එම ගීතයෙන් අපහාසයක් කරලා කියලා චෝදනාවකුත් ඇතැමුන්ගෙන් එල්ල වෙනවා.
ජිප්සීස් නායක සුනිල් පෙරේරා ඒ ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

හිටි හැටියේම ඇයි ජිප්සීස්ලාට රට යන උදවිය ගැන ගීතයකින් කියන්න හිතුණේ?
මේ ගීතය ලිව්වේ “බැරි බර කරේ තියන් වගේ” ජනප්‍රිය ගීත ගායනා කරපු මැක්සි ජයවීර. අවුරුදු 3 1/2 ක් විතර ඉතාලියේ ජීවත් වෙලා ඉතාලිය ගැන හුඟක් අත්දැකීම් ඔහුට තියෙනවා. ඒ අත්දැකීම් ඇසුරෙන් තමයි මැක්සි මේ ගීතය ලියලා තියෙන්නේ. ඒකේ මෙලඩි එකත් හොඳයි. ගීතයට වීඩියෝවක් හදන්න හොඳ පිටපතකුත් ලියලා තිබුණා.
ඉතින්, මේ වගේ නිර්මාණයක් එළියට දාන්න අකමැති වෙන්න හේතුවක් අපට තිබුණේ නැහැ.

මොන විදියේ අරමුණක් ඇතිව මේ ගීතය ගායනා කළත් එයින් කියැවෙන අර්ථය සම්බන්ධයෙන් ජිප්සීස්ලාව විවේචනය කරලා අන්තර්ජාලය ඔස්සේ අදහස් පළ කරන පිරිසකුත් ඉන්නවා. ඔබට මොනවාද කියන්න තියෙන්නේ ඒ විවේචන ගැන?
ගීතයෙන් කියැවෙන දේ ගැන කියන්න නම් මටත් වඩා සුදුසුම කෙනා තමයි ඒක ලියපු මැක්සි ජයවීර. මොකද ඔහු අත් විඳපු දේවල් තමයි මේ ගීතය තුළ ගැබ්වෙලා තියෙන්නේ.

හැබැයි ජිප්සීස් නායක සුනිල් පෙරේරා රට ගිහින් දුක් මහන්සියෙන් මුදල් උපයන ලාංකිකයන්ට මේ ගීතයෙන් අපහාසයක් කරලා කියලයි මේ කියන විවේචන එල්ල කරපු හුඟ දෙනෙකුගේ අදහස වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට මේකට උත්තර බඳින්නම වෙනවා?
ඒවා ඉතින් විවිධ අයගේ මත තමයි. රට ගියාම සමහරු වෙනස් වෙන හැටි ගැන තමයි පැහැදිලිවම ගීතය තුළ අන්තර්ගත වෙන්නේ.
ඇතැම් අය ඒ පණිවුඩය වැරදියට තේරුම් ගෙන ඇති. මේ ගීතයෙන් කියන එක දෙයක් තමයි “මධ්‍යම ප්‍රතිපදාවට” අනුව ජීවත් වෙන්න කියන එක.
අනික කිසිම රස්සාවක් වෙනත් රස්සාවකට වඩා උසස් හෝ පහත් කියලා කියන්න බැහැ. මේ ගීතයෙන් අපි ඒ වගේ දෙයක් කියලත් නැහැ.
මගේ පුතා ගයාන් දැන් රට ගිහිල්ලා ටැක්සි එලවනවා. ඒ හැරුණාම පීසා බෙදන්නත් යනවා. මගේ මල්ලි පියල් පිටරට ඉන්න කා‍ලේ ෂෙඩ් එකක පෙට්‍රල් ගැහුවා. සිනමා ශාලාවක ටිකටුත් කැඩුවා. ඒ ගොල්ලෝ ඒ වගේ රස්සාවල් කළා කියලා කියන්න ලැජ්ජාවක් මට නම් නැහැ.

මේ ගීතයෙන් කියනවා වගේ ගයානුත් ලංකාවට ආවට පස්සේ වෙනස් වුණොත්?
සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. එයාට පවා ආදර්ශයක් ගන්න පුළුවන් විදිහේ ගීතයක් තමයි මේක.

මේ වීඩියෝව පුරාම පෙනී සිටින උදවිය විශේෂ ඇඳුම් ආයිත්තම් වලිනුත් සැරසිලයි ඉන්නේ. මේ දේවල් එකතු වුණාම මියුසික් වීඩියෝව වෙනුවෙන් විශාල වියදමක් දරන්න වෙන්න ඇති නේද..?
අපි ඒ සමහර ඇඳුම් එංගලන්තයෙන් සහ ඇමෙරිකාවෙන් තමයි ගෙන්වා ගත්තේ. ඇත්තටම මුළු වීඩියෝවම හදන්න සැලකිය යුතු මුදලක් වැය වුණා. අපේ පවු‍ලේ හුඟක් අය මේ වීඩියෝවේ පෙනී ඉන්නවා.

ඉස්සර වගේ ‍නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ නරඹන පිරිස අනුවත් දැන් ගීතවල ජනප්‍රියත්වය මනිනවා. හැබැයි ජිප්සීස්ලාට ළඟදී යුටියුබ්වල හිට් වෙන සිංදුවක් කරන්න බැරි වුණා කියලා බොහෝ දෙනා කියනවා. ඇයි එහෙම වුණේ…?
ජිප්සීස්ලා මෑතකදී වැඩිය අලුතෙන් ගීත එළියට දැම්මේ නැහැ.
මීට අවුරුදු 4කට විතර කලින් හදපු “කොත්තමල්ලි“ ගීතය හුඟක් ජනප්‍රිය වුණා. ඉදිරි කාලයේදී තවත් ගීත දෙක තුනක්ම එළි දක්වන්න හිතාගෙන තමයි අපි ඉන්නේ. එතකොට ඔය කියන විවේචන යටපත් වෙලා යාවි.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!