Gossip

“මගේ අතින් අල්ලන් වැටි වැටි ඇවිදිද්දි ඒ දේවල් දිහා බලලා මේ තාත්තා සතුටු වුණේ කවදාවත් මගේ රත්තරන් දුව වෙන පිරිමියෙක්ගෙ වෙයි කියලාවත් ඒ මොහොතේ දැනුනේ නැති නිසා දුවේ.”

තාත්තා..
තාත්තා කියන්නේ අපේ කාගෙත් ලෝකේ වීරයා.
ඒ බැදීම ඒ සෙනෙහස අකුරු කරන්න අපි කාටවත් බෑ.
දියණියක් පුංචි කාලේ ඉඳලා උස්මහත් කරලා වෙන දවසක තරුණයෙකුට බාරදෙද්දි තාත්තා කෙනෙකුට මොන වගේ හැඟීමක් දැනෙනවා ඇතිද..?
දුක සතුට මුසුවුණු මේ හැගීම දැනෙන්නනම් තාත්තා කෙනෙක්ම වෙන්න ඕනේ.
මේ තමන්ගේ දියණියගේ මංගල දිනය දවසේ තාත්තා කෙනෙක් කළ කතාවක්..

අද මගේ චූටි කෙල්ල සුරංගනාවියක් වගේ ගොඩක් ලස්සනයි…
ඒදා මගේ බෝනික්කි මේ ලොකේට ආපු දවසේ ඒ සතුට මේ ලොකේටම ඇහෙන්නම කෑ ගහලා කියන්න හිතුණා..
එදා පුළුන් බෝලයක් වගේ සුදුවට හිටපු කෙලි පැටියා මං දිහා බැලුවේ ඒ චූටි ඇස් ලාවට ඇරලා හිනා වෙන ගමන්..
ඒ චූටි කෙළි පැටික්කි දැන් ලොකු වෙලා අද මාව දාල යනවා නේද දුවේ……?
මගේ අතින් අල්ලන් වැටි වැටි ඇවිදිද්දි දුවද්දි ඒ දේවල් දිහා බලලා මේ තාත්තා ගොඩක් සතුටු වුනේ කවදාවත් මගේ රත්තරන් දුව වෙන පිරිමියෙක්ගෙ වෙයි කියලාවත් ඒ මොහොතේ දැනුනේ නැති නිසා දුවේ…
අම්මා මගේ චුටි කෙල්ලගේ පොඩි පොඩි දග වැඩ වලදී ගහන්න පස්සෙන් එද්දී ඔයා දුවගෙන එන්නේ මගේ ළගට ” තාත්තී අම්මී ගහන්න එනවෝ ” කියාගෙන , ඒ හැම මොහොතේම මගේ චූටි කෙළි පැටික්කිව මං බේරුවේ ඔයාගේ අම්මිගෙන් මං බැනුම් අහලා… එතකොට ඔයා මගේ මුණට කිස් එකක් දීලා දුවලා යනවා…..
මගේ චූටි පැටික්කිගේ ජිවිතේ හිටපු එකම පිරිමියත් විශ්වාස කරපු එකම පිරිමියත් මං විතරක් වුණා..
පාරේ යනකොට වුණත් මගේ බෝනික්කි ගියේ චන්ඩි රැජිණක් වගේ මොකද…? එයා දන්නවා එයාගේ තාත්තා හෙවනැල්ල වගේ පස්සෙන් හැමදාම ඉන්නවා කියලා..
ඔව් මගේ දුවේ මං හැමදාම පස්සෙන් හිටියා මේ සමාජේන් මගේ අහිංසක කෙල්ලට එක වචනයක්වත් නොහා ඉන්න ඔනී නිසා…
මගේ රත්තරන් කෙල්ල ටික ටික ලොකු වෙලා හොදට ඉගෙනගෙන රස්සාවක් කරද්දි මට ඒක ලොකු දුකක් වුණා දුවේ..
ඒත් ඔයා දැන් මට පොඩි කෙල්ලෙක් වුණත් ඔයා පොඩි නොවුනු නිසා මං ඒ දුක ඉවස ගත්තා… ඔයාගේ මුල්ම පඩියෙන් මටයි අම්මටයි තෑගි ගොඩක් ගෙනාව නේද මගේ දුවේ….
ඒත් ඔයාට කිසි දෙයක් නොගෙන.. ඇහුවම කිව්වේ ඔයාටත් ඇදුම් ගත්තා කියලා…
ඒත් මටයි අම්මටයි තෑගි ගෙනාවට පස්සේ ඔයාට මොකුත් ගන්න සල්ලි ඉතුරු වුනේ නෑ නේද දුවේ….?
එදා ඔයාගේ අම්මාගේ ඇස් දෙකෙන් කදුලු ආව නේද…..? ඔව් මගෙ ඇස් දෙකෙනුත් කදුළු පනින්න ආවට මං ඒක හරි අමාරුවෙන් නැවැත්තුවේ එදා මගේ ඇස් දෙකෙන් කදුලු ආවනම් මගේ කෙල්ලට ඒක දාරා ගන්න බැරි වෙන නිසා….
අද මගේ පුංචි සුරංගනාවි එයාගේ ආදරය ළග සදකාලිකව නතර වෙන්න යන්න හදනවා.
ඔයාගේ ජිවිතේ දෙවනි පිරිමියා ඔයගේ මහත්තයා මගේ දුවේ එයාව ඔයාගේ ජිවිතේ දෙවනි තාත්තා කියලා හිතලා ආදරය කරන්න මගේ දුවේ….
ඔයාගේ ජිවිතේ වීරයා මං වුණා වගේ ඔයාගේ මහත්තයත් ඔයාගේ ජිවිතේ වීරය කර ගන්න…
පුතේ…! මගේ දුවගේ මහත්තයා අද ඉදන් ඔයා මගේ පුතේ.. අදින් පස්සේ මගේ කෙල්ලගේ අළුත් ජිවිතේ ඔයා පුතේ..
මගේ කෙල්ලව මුළින්ම ඉම්ඹේ තුරුල් කර ගත්තේ අතින් අල්ලන් එහෙ මෙහෙ එක්කන් ගියේ මං වුනත් ඒත් අද ඉදන් මගේ බෝනික්කිව ඉබින්නේ තුරුල් කර ගන්නේ අතින් අල්ලන් එහෙ මෙහෙ එක්කන් යන්නේ ඔයා…
ඒ වගේම පුතේ මං මගේ කෙල්ලව බලා ගත්තේ මලක් වගේ දුකක් නොදී අඩවන් නැතුව මං මගේ මුළු ජිවිතේම කැප කරේ එයා වෙනුවෙන් හරිම ආදරෙන්…
මටත් වඩා වැඩියෙන් එයාගේ ළගට වෙලා ආදරෙන් කවදාවත් දුකක් නොදී අඩවන් නැතුව සතුටින් එයත් එක්ක ඉන්න හැමදාම මගේ පුතේ…
මගේ දුවව මගෙන් ඈත් නොකර පුලුවන් හැම වෙලාවෙම එයාගේ තාත්තාව බලන්න එක්කන් එන්න පුතේ…
මගේ රත්තරන් කෙල්ල මාව බලන්න එනකන් මං හැමදාම මග බලන් ඉදී… හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඔය දෙන්නම…
තම පියාගේ කතාව ඇස් වල කදුළු පුරවන් අහන් හිටපු ඇය දිව ගොස් තම පියාව තුරුල් කරගෙන අඩන්න පටන් ගත්තේ අසුන් ගෙන සිටි සියල්ලන්ගේම ඇස් වලට කදුලු උනද්දිය……
අපි හැමෝගෙම විරයා ඒ නිහඩ චරිතය #තාත්තා නම් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!