Gossip

“මගෙන් අනුරාධා මාරවිදිහට බැණුම් අහලා තියෙනවා” – අනුරාධාත් එක්ක පැතුම්ට තියෙන විශේෂ යාළුකම ගැන පැතුම් කතා කරයි

පැතුම්… අනුරාධාව රෑපවාහිනී වැඩසටහනකදීනෙ ඔයාට මුලින්ම මුණගැහුණෙ… එහෙම නේද..?
ඔව්… එක්තරා රෑපවාහිනී වැඩසටහනකදී නම් තමයි. හැබැයි ඊට කලින් මම අනුරාධා ගැන අහලයි තිබු‍ණේ. අනුරාධා ගැන හොඳ තමයි මම වැඩිපුරම අහලා තිබුණේ. ඉතින් එහෙම ඉඳිද්දී අපි අර වැඩසටහනට සහභාගි වුණා. අපි කතාබහ කළා. ඊටපස්සෙ අපි අපේ ක්ෂේත්‍රයේ කිහිපදෙනෙකුගේ පාටිවලදී, වෙඩින්වලදී මුණගැහුණා. අපි දෙන්නා ඒවායෙදීත් ඩාන්ස් කළා. කතාබහ කළා. ඔය අතරේදී තමයි එක්තරා රියැලිටි වැඩසටහනකට අපි දෙන්නට එකට සහභාගිවෙන්න අවස්ථාව ලැබුණේ. එතැනින් පස්සෙ අනුරාධා මගේ හොඳ යාළුවෙක් වුණා.

අනුරාධා මොන වගේ යාළුවෙක්ද…?
අනුරාධා කියන්නෙ හරිම අවංක කෙනෙක්. සමහර යාළුවන් මිනිස්සු ආශ්‍රය කරන්නෙ වාසියටනෙ. හැබැයි අනුරාධා කියන්නෙ එහෙම කෙනෙක් නෙමෙයි. එයා අවස්ථාවාදී යාළුවෙක් නෙමෙයි. එයා හරිම සංවේදී අනිත් අයට අනුකම්පා කරන යාළුවෙක්. මම හිතන පතන විදිහට බොහොම සමීපයි. ඒකයි අපි හොඳම යාළුවෝ වෙන්නට ගොඩක් හේතුවුණේ. සමහර අය එක්ක මොන වැඩසටහන, මොන තරගය කෙරුවත් ඒක ඉවරවුණාට පස්සෙ ඒ සම්බන්ධය ඉවරයිනෙ. ඒ අයට හොඳ යාළුවෙක් වෙන්න හරි අමාරුයිනෙ. හැබැයි අනුරාධා එහෙම නෑ. එයා අවස්ථාවාදී නෑ. කියන දේ කෙළින් කියන කෙනෙක්. එයාගෙ දේවල් වුණත් මාත් එක්ක කතාබහ කරන හරි හොඳ යාළුවෙක්. මට කතා කරන්නෙම ‘අයියා’ කියලා. ඇත්තටම එයා මට හොඳ සහෝදරියක්. ඒ වගේම එයාගෙ අම්මා ඇතුළු එයාගේ මුළු පවුලේම අය හරි හොඳයි. මට හරි ආදරෙයි.

පැතුම් කන්න කැමති ටිපිටිප්නෙ. අනුරාධා කන්න කැමති මොනවද…?
ආ.. අනුරාධාත් ටිපිටිප්වලට හරි ආසයි. ඒ වගේම එයා එක්තරා කිරි පානයකටත් හරි කැමතියි. කොහේ ගියත් ඒ කිරි පැකට් එකක් දුන්නොත් ඉතින් ඕන වැඩක් කරගන්න පුළුවන්.

අනුරාධාට කේන්ති යනවද…?
අනුරාධාට කේන්ති යනවා හරිම අඩුයි. මගෙන් අනුරාධා මාරවිදිහට බැණුම් අහලා තියෙනවා. සාමාන්‍යයෙන් මට තරහ යනවා. හැබැයි ඒ තරහ මම ටක්ගාලා අඩුකරගන්න උත්සාහ කරනවා. මම අනුරාධාට බැණලා සද්දෙ දාලා කෑගහද්දී ඒ වෙලාවට අනුරාධා කිසිම වචනයක් කියන්නෙ නැතිව සද්ද නැතිව ඉන්නවා. හැබැයි හිත ඇතුළේ එයා ලොකු අප්සෙට් එකක ඉන්නෙ කියලත් මට තේරිලා තියෙනවා. හැබැයි කවදාවත් අනුරාධා මට කෑගහලා බැණලා නෑ.

අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද…?
මෙහෙමනෙ… අනුරාධා හොඳ ළමයෙක් තමයි. හැබැයි එයා හරියට ටියුබ් ලයිට් එකක් වගෙයි. වෙලාවක පොඩි අප්සෙට් එකකුත් තියෙනවා. (මේක පැතුම් කිව්වේ විහිළුවට. යාළුවෝ ඉතින් එහෙමනෙ) මොන වැඩේ කළත් සමහර වෙලාවට හෙණ ගොන් වැඩක් කරනවාම තමයි. සමහර වෙලාවට අපි හොඳ වැදගත් මාතෘකාවක් ගැන කතා කර කර ඉඳිද්දී අනුරාධා කොහේටවත් ගැලපෙන්නෙ නැති ගොන් කතාවක් කියලා ඒ මාතෘකාව අවුල් කරන වෙලාවල් තියෙනවා. ඉතින් බැණුම් තමයි. සමහර වෙලාවට අනුරාධා කියන කරන දේවල් නිසා අපි හිනාවෙන්නෙ බඩ අල්ලගෙනයි.

අනුරාධාගේ විලාසිතා ගැන පැතුම් මොකද හිතන්නෙ…?
අපේ ෆීල්ඩ් එකේ ඉන්න පොඩි ළමයෙක්නෙ අනුරාධා කියන්නෙ. එයාට පොඩි පෙනුමක්නෙ තියෙන්නෙ. ඉතින්… එයාගෙ පෙනුමට ගැලපෙන විදිහට එයා ලස්සනට අඳිනවා. හැබැයි එයාට තියෙන කොණ්ඩෙට මම හැමවෙලේම ‘ඕක ලස්සනට කපන්නකො නංගි’ කියලා කිව්වා. ළඟදී එයා ලස්සන හෙයාර් කට් එකක් එහෙම දාලා ඇවිත් තිබුණා. කෙල්ල ලස්සනට අඳිනවා.

අනුරාධා ළඟ තියෙන ගතිගුණවලින් පැතුම් අකමැතිම ගතිගුණය මොකක්ද..?
එහෙම වෙනස් කරන්න කියලා ගතිගුණයක්නම් නෑ. අර ටියුබ් ලයිට් එකටත් මම ආසයි. ඒක වෙනස් කරන්නත් හොඳ නෑ. ඇත්තටම අනුරාධා හරි හොඳයි. එයාගේ වැඩ හරි පිළිවෙළයි. එයා දෙයක් කරද්දී ඒකට ගොඩක් කැපවෙනවා. එයා මහන්සි වෙනවා. එයා හරිම උනන්දුවෙන් වැඩ කරනවා. වැඩවලදී වුණත් එයා හරි අවංකයි.

අනුරාධා වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන පැතුම් මොකද හිතන්නෙ…?
ඇත්තටම සතුටුයි. මගේ දේවල් ගැන කතාබහ කරන්න මට හොඳ ගෑනු යාළුවෙක් හිටියෙ නෑ. මට එහෙම ගෑනු යාළුවෝ ගොඩක් ඉන්නවා. හැබැයි ඒ යාළුවන් අතරේ අනුරාධා ටිකක් විශේෂයි. පිරිමි යාළුවෙක්ට හොඳ ගෑනු යාළුවෙක් ඉන්න එකත් හරි ෂෝක්. ඇත්තටම අනුරාධා මගේම නංගි කෙනෙක් වගෙයි. සමහරැ අනුරාධායි මායි යාළුද කියලත් අහන වෙලාවල් තියෙනවා. හැබැයි එහෙම සම්බන්ධයක් අපි අතරේ නෑ. අපි දෙන්නා හොඳම හොඳ යාළුවෝ දෙන්නෙක්. ඒ බැඳීම හරි විශේෂයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!