Gossip

“භික්ෂුවක් කියන්නේ හිස මුඩුකර සිවුරක් දරාගත් කෙනෙක් පමණක් නොවෙයි. සියලු ක්ලේෂයන්ගෙන් මිදුණු රහසින්වත් පව් නොකරන කෙනෙක්.” – ජනප්‍රිය නළු ගිවන්ත ගිහි ජීවිතයෙන් මිදුනේ ඇයි..?

ස්වාමීන් වහන්සේ නමක් විදියට සැරසුණු ගිවන්ත අර්ථසාද්ගේ ඡායාරූප පෙළක් පසුගිය දවස්වල අන්තර්ජාලය පුරා සැරිසැරුවා.
“ගිවන්ත” මහණ වෙලාවත්ද? කියලා සමහරු අහද්දී “නෑ……. නෑ……. ඒ මම රඟපාන වේදිකා නාට්‍යයක පින්තූර” කියලා ගිවන්ත මුහුණු ‍පොත හරහාම පිළිතුරු ලබාදී තිබුණා.
මේ දවස්වල ගිවන්ත ගැන පැතිර යන ආරංචිය තමයි ඔහු රඟපෑමෙන් ඈත් වෙන්න තීරණය කරලා කියන එක.
මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත කියලා ගිවන්ත සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ඔබ ස්වාමින් වහන්සේ නමක් විදියට පෙනී සිටි චරිතය ගැනත් අපි රටට කියමු?
“වෙල්ලස්සේ වෙඩි හඬ” කියන වේදිකා නාට්‍යයේ මම රඟපාන්නේ වාරිය‍පොළ සුමංගල හිමියන්ගේ චරිතයයි. ඒ වෙනුවෙන් තමයි මම කහ සිවුර ‍පොරවාගෙන හිස මුඩු කළේ.

ඔය විදියට කවදා හරි දවසක ඇත්තටම කහ සිවුරක් දරාගෙන ජීවිතේ අනියත ගැන හිතන්නට ගිවන්තට අදහසක් පහළ වෙන එකක් නැද්ද?
පුදුම ප්‍රශ්නයක්නේ ඇහුවේ. (සිනා) ඇත්තටම ඒ සංයමය තවම මට නෑ.
භික්ෂුවක් කියන්නේ හිස මුඩු කර සිවුරක් දරාගත් කෙනෙක් පමණක් නොවෙයි. සියලු ක්‍ලේෂයන්ගෙන් මිදුණු රහසින්වත් පව් නොකරන කෙනෙක්. ගිහි සැප වගේම සියලු බැඳීම් අතහැරලා හැම දෙයක්ම ඊට කැප කරන්න ඕනේ. මහණ දම් පුරන්න ඕනේ. ඇත්තටම මට නම් එහෙම දෙයක් හිතිලා නැහැ. මොකද මට තවම එවැනි දෙයක් කරන්න බැරි හින්දා.

මොනවද ඔබගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු?
මගේ බිරිඳ උපේක්ෂියි පුතා මෙතුප තරුත් බණ්ඩාර. අපේ ගෙදර අය කලාව ගැන එතරම් දෙයක් දන්නේ නැහැ. ඒ නිසා මට එයාලගෙන් ලොකු සහයෝගයක් නැහැ.
ඒත් මට එයාලගෙන් කිසිම බාධාවකුත් නැහැ.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!