Gossip

බුකිය පුරා හුවමාරු වෙමින් ලොවම කැළඹූ ඡායාරූපයේ සත්‍ය කතාව මෙන්න – Photos

මේ සිදුවීම වාර්තා වන්නේ මේ වන විට මිහිපිට අපායක් බඳුව ඇති සිරියාවෙන් ය ඒ 2014 වසරේ දීය..
කේසාබ් නුවර පිහිටා තිබෙන්නේ සිරියාවත් තුර්කියත් අතර දේශසීමාවේය.
මෙම ප්‍රදේශය ඇමෙරිකානු ක්‍රිස්තියන් බහුතරයක් ජිවත් වන ප්‍රදේශයක් බවට සදහන් ව ඇත.
මෙම ප්‍රදේශයේ සිරියානු කැරලිකරුවන් විසින් බලහත්කාරයෙන් යටත් කරගෙන සිටින අතර මේ ප්‍රදේශයේ තිබූ ක්‍රිස්තියානු පල්ලි හා ජනතාවගේ දේපල හා ධනය ඔවුන් විසින් මංකොල්ල කෑමට පටන් ගත්තේ ය.
කේසාබ් වල පවුල් දෙදහසක් පමණ ජිවත් වන අතර ඉන් බොහො පිරිසක් පලා යෑමට සමත් වූවත් තවත් පිරිසක් සිරියානු කැරලිකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් විය.
නමුත් මේ ඡායාරූපය කතාව සමග වෙනස් කතාවක් පවතී.
මෙය එක්තරා ආකාරයක ප්‍රෝපගැන්ඩාවක් (propaganda) වක් යැයි ද සලකනු ලබයි.
මෙම ඡායාරූපයේ සත්‍ය අසත්‍යතාවය තවමත් හෙළි වී නැති අතර, මෙය අසාද් පාලන තන්ත්‍රයට සහය පළ කරන අන්තර්ජාල කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද්දක් බවට මතයක් පවතී.
මෙහිදි අසාද් පාලන තන්ත්‍රය ත්‍රස්ථවාදයට එරෙහිව කරන අරගලය නිවැරදි බව පෙන්වීමට ගත් වෑයමක් බව මේ ඡායාරූපය කෙරෙහි චෝදනාවක් පවතී.
මෙය 2014 වර්ෂයේ සිරියානු ඡන්දය ආසන්නයේ නිකුත් විම තවත් විශේෂත්වයකි.
කේසේ වුවත් තවමත් මෙම ඡායාරූපය සත්‍යතාව පිළිබදව ගැටලු පවතින බව සදහන් වෙයි.
මෙහි සත්‍යතාවය හෙළි වූවහොත් එය තවත් ජිවිත විශාල සංඛ්‍යාවක අවසානයක් වනු ඇති බවටද වාර්තා වී ඇති තොරතුරු වල සදහන් ව පවතී..
මෙය සිරියානු කැරලිකරුවන්ගේ සමාජජාල අඩවි තුළ මුලින් ම පළ වූනේ කේසාබ් නුවර තමන්ගේ යටතේ සිටින ලාබාලතම ප්‍රාණ ඇපකරුවා යන තේමාව යටතේ ය.
මෙයට බොහො ප්‍රතිචාර සමාජජාල වෙබ් අඩවි තුළ විවිධ ප්‍රචාරයන් සහිතව ව්‍යාප්ත වූ අතර පිරිසක් මෙය සත්‍යය කතාවක් ලෙසත් මෙය නිවැරැදි ඡායාරූපයක් බවට පිළිගනී, තවත් පිරිසක් මෙය අසාද් පාලනය කැරලිකරුවන්ට එරෙහිව ගෙන යන සටන නිවැරැදි යැයි කීමට ගත් උත්සහයක් බව කියයි.
කැරැලිකරුවන් පවා මෙය ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ සමාජජාල වෙබ් අඩවි තුළ මේ පිළිබදව අරාබි භාෂාවෙන් සටහන් තබා ඇත.
නමුත් බෂාර් අල් අසාද් පාලනයට සහය දක්වන සමාජජාල කණ්ඩායම් මේ ඡායාරූපය බොහො සෙයින් ෆේස්බුක්, ට්විටර් වැනි විශාල පිරිසක් සිටින සමාජජාල වෙබ් අඩවි තුළ පතුරුවමින් සිටින බවට සදහන් වෙනවා.
බොහො දෙනා පවසන්නේ මෙය අසත්‍යයක් නම් මෙම ඡායාරූපය බෂාර් අල් අසාද් ජාත්‍යයන්තරයෙන් ඔහුගේ පාලනය එල්ල වී ඇති පීඩනයෙන් මිදිමට හා තමන්ගේ සටන නිවැරැදි බව පෙන්වීම උදෙසා කරන ලද එක් දේශපාලනික මුලාවක් වනු ඇති බවත් හා ඔහුගේ පාලනයට ජාත්‍යයන්තර සහය ලබා ගැනීමේ අරමුණ ඇතිව කරන ලද එක් උපායක් පමණක් වනු ඇති බවත් බොහො දේශපාලනික විචාරකයන් පවසා ඇත.
කේසේ වෙතත් පටු දේශපාලනික අරමුණු උදෙසා දරුවෙකුගේ හිසට ගිනි අවියක් එල්ල කිරීම කෙලෙසවත් සාධාරණිය කළ නොහැකිය. එසේ සිදු වෙන පාලන තන්ත්‍රයක් වාහම බිද වැටිය යුතුය. බෂර් අල් අසාද් පාලනයට පැමිණෙන්නේ 2000 වසරේ තමන්ගේ පියාගේ මරණයත් සමගයි.
දිගින් දිගටම තමන්ගේ බලය දිර්ඝ කරගනිමින් ගෙන යන පාලනය නිසාම 2011 මාර්තු 15 වෙනිදා සිරියාව තුළ යුද ගිනි අවුලුවාලමින් සිවිල් යුද්ධයක් හට ගත්තේ අසාද් පාලනය බිද වැට්ට විමේ අරමුණ ඇතිවය.
නමුත් යුද්ධය නිසා 2017 දෙසැම්බර් පමණ වන 481,612ක් පමණ වූ සිරියානු කාන්තාවන්, දරුවන්, පිරිමින් ජිවිතක්ෂයට පත්ව ඇති බව සදහන් වෙනවා.
මෙම ඡායාරූපයේ සත්‍ය අසත්‍යතාවය තවමත් පවතින්නේ අවනිශ්චිතවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!