Gossip

බීමතින් රිය පදවා නිවසකුත් කඩාගෙන ගිය ඇමති පුතා අතුරුදන්?

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාරගේ පුතා බීමත්ව අධික වේගයෙන් රිය පැදවීම නිසා හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේදී ඊයේ අළුයම 12.50 ට පමණ අනතුරක් සිදුවුනා.

අනතුරින් යශෝධ රංගේබණ්ඩාර නැමති වයස අවුරුදු 25 ක් වු තරුණයෙක්ද තුවාල ලැබුවා.

කෙසේවෙතත් හානි වූ නිවසේ හිමිකරු සඳහන් කලේ තමන්ට වන්දියක් ලබා දෙනතුරු අනතුරට පත්වූ කැබ් රථය ඉවත් කර ගැනීමට ඉඩ ලබා නොදෙන බවයි.

මීට පෙරද අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින් ආණමඩුව ඉගිනිමිටිය ප‍්‍රදේශයේ දී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකුට තුවාල කරමින් අනතුරක් සිදුකර තිබූණා. මේ අතර ඔහුගේ අතින් සිදුවුනු තවත් අනතුරකින් ආනමඩුව ප්‍රදේශයේ දෙදරු පියෙකු මිය ගොස් තිබුණා.

එසේම අමාත්‍යවරයාගේ පුත්‍රයා පැදවූ කැබ් රථය අමාත්‍යවරයා කලින් කටයුතු කල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් බවයි පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථය තුල තිබී විදෙස් මත්පැන් බෝතලයක් මෙන්ම කඩුවක් සහ මුඟුරක්ද සොයා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන තෙක් අමාත්‍යවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ ආරච්චිකට්ටුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂන සිදුකරන බවයි. කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබුණද තවමත් ඔහු නිවස වෙත පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!