Gossip

බිරිඳ මියගොස් පසු දියණිය සහ පුතාව හොයලා -පුතා රෝහල් මෘත ශරීරාගාරයේ – දියණිය ගැන තවම තොරතුරක් නෑ – ලංකාවේ ලස්සන බලන්න ආපු බ්‍රිතාන්‍ය ජාතික පවුලකට අත්වූ අවාසනාවන්ත ඉරණම

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් අ‌පේ රටේ අය පමණක් නොව විදේශිකයන්ද මියගියා.

ශ්‍රී ලංකාවට සංචාරයකට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික පවුලකට කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමට මුහුණ පාන්න වුණා.

අදාළ සිද්ධියෙන් බ්‍රිතාන්‍ය ජාතික බෙන් නිකල්සන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ බිරිඳ සහ පුතා මියගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.

තම බිරිඳ මියගිය පසුව සිය පුත්‍රයා සොයා ගැනීමට නොහැකි වී සිටි ඔහු රෝහල් භූමිය පුරා තම පුතු සොයමින් ඇවිද ගොස් ඇති අතර ඔහුට ඇලෙක්ස් නිකල්සන් නම් වූ සිය පුතා හමුවී ඇත්තේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ ස්ථානයක් වන රෝහල් මෘත ශරීරාගාරයේදීයි.

ඔවුන්ගේ දියණිය සම්බන්ධව කිසිම තොරතුරක් මේ වනවිටත් වාර්තා වී නැහැ.

කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ උදෑසන ආහාර ගනිමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

මේ ඔවුන්ගේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!