Gossip

බිරිඳගේ දරු ප්‍රසූතියට නිවාඩු අරන් ගෙදර යන්න හදපු පොලිස් නිළධාරියා රිය අනතුරකින් අවසන් ගමන් යයි

තම බිරිඳ දෙවන දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කිරීමට රැගෙන යාමට නිවාඩු ලබා ගෙන නිවසට යමින් සිටි පොලිස් නිළධාරියෙකු රිය අනතුරකින් රෝහල් ගත කර තිබෙනවා.

අනුරාධපුර පුත්තලම් මාර්ගයේ ළිඳවැව යුද හමුදා කඳවුර අසලදී ඊයේ (10 දා) අලුයම 2 ට පමණයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ නොච්චියාගම ළිඳවැව පදිංචි පී.ජී. හර්ෂ බුද්ධික නැමැති 29 හැවිරිදි එක්දරු පියෙක්.

කෙසේවෙතත් මෙතෙක් රිය අනතුර සිදු කළ වාහනය හඳුනාගෙන නැති අතර අනතුර සිදුවූ අවස්ථාවේ මීටර් 500 ක්‌ පමණ දුරට ඇදී ගොස්‌ ඇති බවද වාර්තා වනවා.

යුද හමුදා කඳවුර අසල පුද්ගලයෙකු මහ මඟ වැටී සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත එහි ගොස්‌ පොලිස්‌ නිලධාරීන් පරීක්‍ෂා කිරීමේ දී අදාළ පොලිස් නිළධාරියා අනතුරට ලක්‌ වී මිය ගොස්‌ ඇති බවට දැක තිබෙනවා.

මිය ගිය පොලිස් නිළධාරියා වවුනියාව ඕමන්ත පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් රියදුරකු වශයෙන් සේවය කළ අයෙක්.

පෙර දින පොලිසියෙන් නිවාඩු ලබා ගත් ඔහු රාත්‍රී 10 ට පමණ ඕමන්ත පොලිසිය අසලින් කොළඹ බලා ධාවනය වන සුඛෝපභෝගී බස්‌ රථයකට ගොඩ වී ඇති බවට පොලිසිය සඳහන් කළා.

අනතුරට ලක්‌ වූ අය රෝහලට රැගෙන එන විටත් මිය ගොස්‌ ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දේහය නොච්චියාගම දිසා රෝහලේ තබා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!