Gossip

බිඳුණු පෙමට ජීවිතයෙන් පළිගනී – අත්තම්මාගේ ඖෂධ පානය කළ පාසල් ශිෂ්‍යාව මරුට

17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ඇගේ අත්තම්මාට ගෙනැවිත් තිබූ ඖෂධ පෙති විශාල ප‍්‍රමාණයක් පානය කිරීම නිසා මියගොස් ඇති බව වාර්තා වෙනවා.

වසර දෙකක පෙම් සබඳතාවක් බිඳ වැටීමෙන් කලකිරීමට පත්වී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ, ගඟ ඉහළ කෝරළයේ, මීතලාව ප‍්‍රදේශයේ පදිංචි හසිනිකා ප‍්‍රබෝධනී මාරසිංහ නමැති පාසල් ශිෂ්‍යාවක්.

ඇය අපොස උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක් බව පොලීසිය පවසනවා.

මෙම ශිෂ්‍යාවගේ පියාගේ, මිතුරෙකුගේ පුතා සමග මෙම ශිෂ්‍යාව පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මෙම පියාගේ මිතුරා මහියංගණ ප‍්‍රදේශයේ අයෙකු බව පොලීසිය පවසනවා.

මියගිය හසිනිකාගේ පියා වන නිශාන්ත මාරසිංහ පවසා ඇත්තේ මහියංගණ ප‍්‍රදේශයේ තම මිතුරා සමඟ පැවැති හිතවත්කම නිසා එම පවුලේ අය ගම්පොළ, මීතලාව තම නිවසට නිතර ආ ගිය බවයි.

ඒ අවස්ථාවලදී මිතුරාගේ පුතා තම දියණිය සමග මේ හිතවත්කම ඇතිකර ගෙන ඇති බවද ඔහු පැවසුවා.

පසුගියදා මෙම ශිෂ්‍යාවට ලැබී ඇති දුරකථන ඇමතුමකින් කියැවී ඇත්තේ ඇගේ පෙම්වතා වෙනත් සබඳතාවක් පවත්වාගෙන යන බවයි.

එම පෙම්වතියගෙන්ද මෙම ශිෂ්‍යාවට ලැබුණු දුරකතන ඇමතුම්වලින් ඇයට තර්ජනය කිරීම්ද සිදුවූ බව පියා පැවසුවා.

ඒ අනුව නිරාආහාරව සිටී මෙම සිසුවිය ඇගේ අත්තම්මාගේ අධි-රුධිර පීඩනයට හා දියවැඩියා රෝගී තත්ත්වයට ගෙනැවිත් තිබූ සායනික බෙහෙත් පෙති පානය කර තිබෙනවා.

අසාධ්‍ය වූ ඇය ගම්පොළ රෝහලට ගෙනැවිත් තිබුණද ඇය මෙසේ මියගොස් තිබෙනවා.

මේ පිළිබඳව ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලීන් මැදිවක මහතා මරණ පරීක්ෂණය පැවැත්වූ අතර රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී ශාන්ත හේරත් මහතා දන්වා තිබුණේ අධික ඖෂධ ප‍්‍රමාණයක් ශරීරගතවීම නිසා හෘදය අක‍්‍රීය වීමෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!