Gossip

බාල වයස්කාර දැරියන් මුදලට විකුණද්දි මාට්ටු වෙයි..

දාහතර සහ පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියන් දෙදෙනකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර විවිධ පුද්ගලයන්ට විකුණා ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශයට 27 දින තොරතුරක් ලැබී තිබේ. එහිදී මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ උපදෙස් මත වහාම කි‍්‍රයාත්මක වූ එම අංශයේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් හදිසි වැටලීමකින් පසු කළ පරීක්ෂණවලින් පසු සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිරිදි කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු මේ මස 29 දින මාතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට ඇත.

26 හැවිරිදි කාන්තාවක් ති‍්‍රරෝද රථ රියැදුරන් දෙදෙනෙක්, හෝටල් හිමියෙක් යැයි පවසන අයෙක් ද සැකකරුවෝ වෙති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!