Gossip

බ්‍රසීලයෙන් දිනකදී කොරෝනා රෝගීන් 17,000 ක්

ගතවූ පැය 24 තුළ  බ්‍රසීලයෙන් කොරෝනා ආසදිතයින් 17,408 දෙනෙකු හා මරණ 1,179 ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඒ අනුව බ්‍රසීලයේ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පසුගිය පැය 24 තුළ වාර්තා වී තිබේ.

මේ වන විට එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 271,628 දක්වා සහ මුළු මරණ සංඛ්‍යාව 17,971 දක්වා ඉහළ ගොස් තිබේ.

ලතින් අමෙරිකාව තුළ කොරෝනා වයිරසය පැතිරීමේ අපිකේන්ද්‍රය බවට පත්වී ඇති බ්‍රසීලය අමෙරිකාවට හා රුසියාවට පසුව ලොව තුන්වැනියට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වී ඇත.

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ රට තුළ සිදුවන පරීක්ෂණවල අඩුව හේතුවෙන් සත්‍ය සංඛ්‍යාලේඛන මීට වඩා වඩා ඉහළ යා හැකි බවයි.

ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් ඉදිරි සතිවලදී වසංගතයේ පැතිරීම මඟින් එරට සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි ඔවුහු සඳහන් කරති.

ජනපති ජායිර් බොල්සොනාරෝ මහතා වයිරසයෙන් එල්ල වන තර්ජනය අඩු වැදගත්කමකින්  සලකා ඇති අතර වයිරසය පැතිරීම වැළක්වීමට ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් දැඩි සීමා පැනවීමට පියවර ගැනීම ද ඔහු විසින් විවේචනයට ලක්කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!