එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද (06) දිනයේද අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් සඳහාම සහභාගී වුණා.
පළමු මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන, අජිත් පී පෙරේරා, අකිල විරාජ් කාරියවසම් සහ ඉරාන් වික්‍රමරත්න සහභාගී වී සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානයක්කාරගේ සහයෝගය ලැබීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120ක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, අරලියගහ මන්දිරයේදී පැවැත්වූ තවත් මාධ්‍ය හමුවකදී පැවසුවා. මාධ්‍ය මධ්‍යස්ථව කටයුතු කරන ලෙසද ඔහු මෙහිදී ඉල්ලා සිටියා.