Gossip News

බස් රථය තුළ මියගිය පුද්ගලයාට කොරෝනා

උතුරු මැද පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවය කළ 29 හැවිරිදි කාර්යාල කාර්ය සහායකයකු කොරෝනා රෝගයෙන් මිය යෑමේ හේතුව නිසා එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් විසිපස්දෙනකු ඊයේ (17)දා දින සිට නිරෝධායනයට ලක්කළ බව නාගරික වෛද්‍ය නිලධාරිණි කිලෝෂිණි හෙන්දාවිතාරණ මහත්මිය පැවසුවාය.

කොරෝනා රෝගයෙන් මිය ගොස් ඇත්තේ අනුරාධපුර ඇටවීරවැව, මරදන්කඩවල, කැකිරාව යන ලිපිනයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක්දරු පියෙකි.

මියගිය මෙම පුද්ගලයා පසුගිය සඳුදා (15දා) සිය සේවයෙන් පසුව නිවසට යෑම සඳහා බස්රථයකින් කැකිරාවට යමින් සිටියදී බස් රථය තුළම මිය ගොස් තිබිණි.

පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණය අනුව මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ කොරෝනා රෝගයෙන් බවට ඊයේ (17දා) තහවුරු වූ බව වෛද්‍ය කිලෝෂිණි හෙන්දාවිතාරණ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ඒ අනුව ඔහු ඇසුරු කළ පළමු පෙළ ආශ‍්‍රිතයන් 25දෙනකු නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇත. මෙම පුද්ගලයන් සියලූ දෙනාම පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කිරීමට කටයුතු කරන බවද වෛද්‍යවරිය මෙහිදී පැවසුවාය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!