බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා රංගනයට පිවිසී තිබෙනවා. රජයේ නාලිකාවක ටෙලි නාට්‍යයක් සඳහා දායක වී ඇති බවටයි වාර්තා වන්නේ.
දේශපාලන ක්ෂේත්රය කියන්නේ ගොඩක් කාර්යබහුල තැනක්. එහිදී අපිට ලොකු වෙහෙසක් දරන්න සිදුවෙනවා. හැබැයි මේ විදිහට කලා කටයුත්තකට දායක වීම මනසට ලොකු විවේකයක් කියලා තමයි අමාත්‍යවරයා කියා ඇත්තේ.
හැබැයි මහ ඇමැතිවරයා ටෙලි නාට්‍ය ක්ෂේත්රයට නවකයෙක් නම් නෙවෙයි. මීට පෙරත් ඔහු නළුවෙකු ලෙස කරළියට පැමිණ තිබෙනවා.
මම පුංචිම කාලේ ඉඳලම කලාවට ලොකු ඇල්මක් දැක්වූ කෙනෙක්. ඒ දවස්වල අපේ ගම් පළාතේ වේදිකා නාට්‍ය පෙන්වනවා. අපේ රටට රූපවාහිනිය එන්න කලින් ඒ වගේ පෙන්වන වේදිකා නාට්‍යවලට ගම්වල ලොකු ඉල්ලුමක් තියෙනවා. මට මතක හැටියට මම රඟපෑ ප්‍රථම නාට්‍යය තමයි දිගිති කෝසල ජාතකය. මා එහි රාජසභාවේ සේවකයකු විදියට රඟපෑවා. මම මුලින්ම නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේ 8 වසරේදී. ඒ නාට්‍යය තමයි ගජමුතු. ඔය විදිහට කලාවට ඇල්මක් තිබුණත්, පාසල් දිවිය හමාර කළාට පස්සේ මම තෝරා ගත්තේ දේශපාලනයයි. ඒ නිසා කලාව ටිකෙන් ටික මගෙන් ඈත් වුණා.