Gossip News

බස්නාහිර පළාතට පැනවු ඇඳිරි නීතිය දිගටම පවත්වනවා ?

බස්නාහිර පළාතට පැනවු නීරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් අද තීරණයක් ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,663ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනයේ නව ආසාදිතයින් 239 දෙනකු හඳුනා ගැනීමත් සමගිනි.

හඳුනාගත් ආසාදිතයින් අතර පෑලියගොඩ මාළු ‌වෙළෙඳපොළේ හා ධීවර වරායන් ආශ්‍රිතව 81 දෙනෙකු ද සිටී.

ඒ අනුව, දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුරුවලින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 7083කි.

මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 20කි.

මේ අතර කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5ක පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය ද තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හමුවේ මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!