Gossip

බලෙන් කසාද බන්දන ළමයි…

පකිස්තානයේ වෙසෙන සුලු ජාතීන් නියෝජනය කරන දරුවන්ගේ ආරක්ෂාව අතිශය අවදානම් තත්ත්වයක පවතින බවට වාර්තා පළ වෙමින් තිබේ.

එවැනි වාර්තා අනාවරණ කරන්නේ හින්දු, සික් හා ක්‍රිස්තියානි ජන කොටස් නියෝජනය කරන දරුවන් එලෙස අවදානමකට මුහුණ පා ඇති බවයි.

එම දරුවන් පකිස්ථානයේ දැඩි අවදානම්කාරී කණ්ඩායමක් බවට පත්ව ඇතැයි ද එරට මානව හිමිකම් සංවිධාන අනාවරණ කරයි.

ඊට හේතු වී ඇත්තේ පකිස්ථානයේ වෙසෙන හින්දු, සික් හා ක්‍රිස්තියානි දරුවන් පැහැර ගැනීම් හා බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම ඉහළ යාම බවට ද වාර්තා පළ වෙමින් තිබේ.

එමෙන්ම එම සුලු ජන කොටස් නියෝජනය කුඩා ගැහැනු දරුවන් කලින් සැලසුම් කළ විවාහ සදහා යෝජනා කර ගැනීමට බලපෑම් එල්ල වීම් හේතුවෙන් ඔවුන් මෙන්ම පවුල්වල සාමාජිකයින් ද දැඩි මානසික පීඩාවන්ට ලක්ව ඇතැයි ද වාර්තා වේ.

සුලු ජනකොටස් වල දරුවන් වෙත සිදු කරන බලහත්කාරකම් සම්බන්ධ සිදුවීම් 1000 කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව පකිස්තානයෙන් වාර්තා වෙමින් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!