Gossip

“බලු පැටියෙකුට මිනී මරාගෙන.” – ගම්පොල කැළඹූ සිද්ධිය මෙන්න

කුඩා සුනඛ පැටවකු සම්බන්ධයෙන් වූ ආරවුලකදී පුද්ගලයකුට පහරදීමෙන් ඔහු මියගොස් ඇති බව ගලහ පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොල පොලිස් කොට්ඨාසයට අයත් ගලහ දෙල්තොට වත්තේ පදිංචි සින්නවේළු සෙල්වරාජ් නමැති 51 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම පුද්ගලයා ගලහ නගරයට ගොස් නැවත නිවස වෙත පා ගමනින් පැමිණෙමින් සිටියදී මහ වැස්සට අතර මඟ තෙමෙමින් සිටි මාස 3 ක් පමණ වයසැති කුඩා බලූ පැටවකු නිවසට රැගෙන පැමිණ ඇති බව පැවසෙයි.
අනතුරුව එම සුනඛයාගේ හිමිකරු මෙම නිවසට පැමිණ බලූ පැටියා ඉල්ලා ඇති අතර, අතරමඟදී මෙම බලූ පැටවා වැස්සට තෙමෙමින් සිට තමා පසු පසින් පැමිණි බවත් කාගේද කියා නොදන්නා බවත් පවසා බලූ පැටවා ආපසු දී ඇත.
එහිදී බලූ පැටියා ගෙන ආවේ යැයි කෝපවූ සුනඛයාගේ අයිතිකරු මෙම පුද්ගලයාට පහරදී ඇති අතර එය වැළැක්වීමට පැමිණ අයකුටද ඔහු පහර දීමට සූදානම් වී තිබේ.
සිකුරාදා (11 දා) දින උදෑසන සිදුවූ මෙම පහරදීම නිසා පහර කෑ පුද්ගලයා බිම ඇද වැටී තිබේ. ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූ නිසා අසල්වැසියන් 1990 ගිලන්රථය ගෙන්වා ඔහු ගලහ ග‍්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.
නමුත් මොහුගේ තත්ත්වය බරපතළ වීම නිසා ඔහු මහනුවර මහ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු සෙනසුරාදා (12දා) අලූයම මියගොස් තිබේ.
මේ පිළිබඳ ගලහ පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත. සිද්ධිය පිළිබඳව මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය මහනුවර අතිරේක මහෙස්ත‍්‍රාත් ජගත් මහගෙදර මහතා විසින් පවත්වන ලදී. පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (13 දා) දින පැවැත්වීමට නියමිතව තිබිණි.
ගලහා පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 43 හැවිරිදි තිදරු පියෙකි.
මොහු පොලිසියට පවසා ඇත්තේ නිවසේ සිටි සුනඛ සුරතලා නැතිවීම සමග තම කුඩා දියණිය හ`ඬමින් සිටි නිසා ඌ සොයමින් සිටියදී මෙම පේළි නිවසේ සිටින බව දැන ගැනීමට ලැබී එම ස්ථානයට පැමිණි බවය.
සිද්ධිය දුටු හා මියගිය අය රෝහලට රැගෙන ගිය ගිය පී. සංජීව නමැති අයකුද පොලිසියට කටඋත්තර ලබා දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!