Gossip

බන්දුල , සුසිල් ඇතුළු තවත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙයි – අලුතෙන් පත්වූ අමාත්‍යවරුන් මෙන්න

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස මීට සුළු වෙලාවකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

සී බී රත්නායක ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා ලෙසත් , සාලින්ද දිසානායක දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

එස් එම් චන්ද්‍රසේන සමාජ සේවා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

අනුර ප්‍රියදර්ශන යාපා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!