Gossip

පොහොට්ටුවේ මන්ත්‍රී ඝාතනය දේශපාලන ඝාතනයක්ද? නැතහොත් පාතාලයේ වැඩක්ද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හක්මන ප්‍රාදේශීය සභාවේ ඇල්ලෙවෙල කොට්ඨාසයට තරග කර හක්මන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වූ ලොකුහකුරුගේ ශාන්ත (53) නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් පසුගියදා ජීවිතක්‍ෂයට පත්වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය වසර කිහිපයම කැප කළ බවත් ඔහුගේ අපේක්‍ෂාව වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා රටේ අග්‍රාමාත්‍යවරයා වනු දැකීම බවත් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කරමින් ඊයේ පැවැති රැස්වීමට හක්මන සිට කොළඹට ජනතාව රැගෙන ඒම සඳහා කටයුතුවල නිරත වූ බවත් ඊයේ එම ජනතාව සමඟ කොළඹ පැමිණීමට ඔහු අපේක්‍ෂාවෙන් සිටි බවත් හක්මන ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරු සඳහන් කරනවා.

පෙරේදා (4දා) ඒ මහතා තවත් පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක් සමඟ හක්මන ප්‍රදේශයේ කැබිලියපොළ වගාකළ ඉඩමට ගොස් ඇත්තේ එම ඉඩම විකිණීම පිළිබඳ ගනුදෙනුවක් සඳහායි. මෙම සිද්ධියේ පැමිණිලිකාර කාන්තාව (27), ඇගේ සැමියාගේ පියා සහ වෙනත් ව්‍යාපාරිකයකු සමඟ ඔවුන් 252-3617 දරන වෑන් රථයෙන් කඹුරුපිටිය ගෝදාව ප්‍රදේශයේ සිට මෙම මියගිය මන්ත්‍රිවරයා ඇතුළු පිරිස හක්මන කැබිලියපොළ ඉඩමට ගොස් එය පරීක්‍ෂා කර තිබේ.

අනතුරුව එම ගනුදෙනු කතිකා කර අවසන් වී වෑන් රථය වෙත පැමිණීමට එන විට මුහුණු ආවරණය කර ගෙන යතුරුපැදියකින් ආ පුද්ගලයන් දෙදෙනකු සහ වෑන් රථයක සිටි තිදෙනකු වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා. එවිට ව්‍යාපාරිකයා වහා පැන සැඟ වී ඇති අතර ඉදිරියට ගිය මන්ත්‍රිවරයාට තුවක්කුකරුවන් විසින් වෙඩි තබා පිහියකින් කපා පැමිණිලිකාර කාන්තාවට තර්ජනය කර පලාගිය බව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මෙම ඉඩම පිළිබඳව කලක සිටම විවිධ ආරවුල් තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.

පෙරේදා සවස මන්ත්‍රිවරයාගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මාතර මහ රෝහලට රැගෙන ආ අතර ඊයේ පෙරවරුවේ මාතර මහ රෝහලේදී මරණ පරීක්‍ෂණය පැවැත්වුණා.

මෙම ඝාතනය පිළිබඳව හක්මන පොලිසිය අංශ කිහිපයකින් පරීක්‍ෂණ පවත්වන අතර පාතාල සාමාජිකයන් විසින් සිදු කරන ලද ඝාතනයක් බවට සැක කරන බව පොලිසිය පවසනවා.

මෙය දේශපාලන ඝාතනයක් නොවන බවද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති අතර හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් දෙයියන්දර අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා එදින රාත්‍රි පැමිණ ස්ථානීය පරීක්‍ෂණය කර තිබෙනවා.

ඝාතනය සඳහා ටී. 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර පතරොම් කොපු කිහිපයක්ද ඒ අසල වැටී තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (07දා) පැවැත්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!