Gossip News

පොලීසියට සද්දේ දාපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා සහෝදරියට නීතියෙන් ගැලවීමක් නැහැ – විස්තරය මෙන්න

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ සහෝදරිය යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වෙනවා.

රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ මන්ත්‍රීවරියගේ සහෝදරිය පසුගිය මස 19 වනදා වෙන්නප්පුව, සීනෝර් ප්‍රදේශයේදී පොලිසිය විසින් රඳවා ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය පවුලේ සාමාජිකයින් සමඟ එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණා.

එම සිද්ධිය අසල සිටි තවත් පොලිස් නිළධාරියෙකු විසින් ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති අතර අදාල විඩියෝ පටය ද සමග සිද්ධිය පිළිබද අධිකරණයට වාර්තා කිරිමෙන් පසුව මන්ත්‍රීවරිය, ඇයගේ සහෝදරියන් දෙදෙනෙකු සහ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සහ ඇයගේ සහෝදරියක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!