Gossip News

පොලීසියට සද්දෙ දාන්න ගිහින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියට හා සහෝදරියට වැඩ වරදී..

මේ වදියට පොලිසියට සද්දෙ දලා වැඩ වරද්දගන තියෙන්නෙ වයස අවුරුදු 21 ක් වු තුම්මෝදර ලිපිනයේ පදිංචි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු හා වයස අවුරුදු 16 ක් වු නිමාෂා නවාන්ජලී ප්‍රනාන්දු යන සහෝදරියන් දෙදෙනායි.

වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරපු නිසා මොවුන් දෙදෙනාව අත්අඩංගුවගෙන අගෝස්තු මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

‍අත්අඩංගුවට පත් සැකකාරියන් අද(21) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.

19 වන දා සවස 4 සිට රාත්‍රී 8 දක්වා මාර්ග බාධක රාජකාරියේ යෙදී මෙම නිලධාරීන් සිට ඇති අතර එ් අතරතුර සවස 5.15 ට පමණ අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරිමේ දී එම අවස්ථාවේ දී ‍යුතුරුපැදියේ පැදිකාරිය සතුව රියදුරු බලපත්‍රය හා අනෙක් බලපත්‍ර තිබී නැහැ. ඒ අවස්ථාවේ යතුරුපැදිකාරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වු සහෝදරිය, තවත් සහෝදරියක් හා පියා එම ස්ථානයට යතුරුපැදියකින් හා වෑන් රථයකින් පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් බාරයේ සිටි සැකකාරිය හා යතුරුපැදිය රැගෙන යෑමට උත්සහ දරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

පොලිස් නිලධාරීන් විසින් අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය හා පසුව ආ යතුරුපැදිය පොලිස් බාරයට ගෙන තිබෙන අතර
පසුව සැකකාරිය හා එම ස්ථානයට පැමිණි පිරිස වෑන් රථයකින් පලා‍ ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය පොලිස් නිලධාරියෙක් විසින් වීඩියෝ කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අද(20) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට වීඩියෝ පටය ද සමඟ කරුණු වාර්තා කර තිබෙනවා.

එම සිදුවීම සම්බන්ධයෙන් එකම පවුලේ සැකකාරියන් තිදෙනාට හා සැකකරුට වරෙන්තු නිකුත් කර ඇති අතර වරෙන්තු වී සිටින අනෙක් සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවට ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!