Gossip

පොලිස් ඉතිහාසයේ ලක්ෂ 125ක වැඩිම වන්දිය ඉන්ස්පෙක්ටර් ප‍්‍රදීප්ට

කේ. එම්. ප‍්‍රදීප් කරුණාධීර යනු ශ‍්‍රී ලංකා පොලිසියේ පොලිස් නිලධාරියෙකි.
වර්ෂ 1997 දී උප පොලිස් පරීක්‍ෂකවරයෙකු වශයෙන් සේවයට බැඳුණු ඔහු කාර්යක්‍ෂම බවත්, සේවයට ඇති දැඩි ඇප කැපවීමත් නිසාවෙන් පොලිස් පරීක්‍ෂකවරයෙක් වශයෙන් කෙටි කලකින්ම උසස්වීම් ලද්දේය.
ප‍්‍රදීප් කරුණාධීර පොලිස් පරීක්‍ෂක මහතා පොලිසියේ කවුරුත් දැන හඳුනා ගෙන සිටියේ අවංක හා තම හෘද සාක්‍ෂියට එක`ගව ක‍්‍රියා කරන පොලිස් මහත්මයෙකු ලෙසය.
සාධාරණය, නීතිය, යුක්තිය අගයන බහුතර ජනතාව ඔහුට ආදරය කළ අතර වැරදි කරන්නන් දූෂිතයින් අපතයින් ත‍්‍රාඩයින් ඇතැම් දේශපාළුවන් ඇතැම් දූෂිත නිලධාරීන් ඔහුට වෛර කළේ කොයියම් මොහොතක හෝ මෙම තමනට වධයක් ඉසරදයක් වී මෙම නිලධාරියා ඈතට වීසිකර දැමීමට හෝ සේවයෙන් පහකර දැමීමටය.
ප‍්‍රදීප් මේ වන විට සිටියේ නිකවැරටිය පොලිස් බල ප‍්‍රදේශයේ රස්නායකපුර පොලිසියේ සේවය කරමිනි.
ඔහු රස්නායකපුර විසුම් සෙවණ වැඩිහිටි නිවාසයේ අධිපති හා විහාරාධිකාරී තාමරක්කුලමේ පුක්‍ද්ක්‍දරතන හිමියන්, ප‍්‍රජා සංවිධාන, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, රාජ්‍ය ආයතන, ගැමියන් හා එක්ව එගම් දුරාචාරයෙන් මත් පැනින් සොර මැරකම්වලින් ඈත් කිරීමටද අනීත්‍යානුකූල ජාවාරම් මැඬලීමටද බලවත් වෙහෙසක් ගෙන දිවා රාත‍්‍රි වෙහෙස මහන්සි විය.
ඔහුට තිබූ බලවත්ම හිසරදය වූයේ දේශපාලන හා මැර බලය යොදාගෙන ජාවාරම්කරුවන් පිරිසක් දැදුරු ඔයේ වැලි සොරෙන් ගොඩ දැමීමත් රජයේ ඉඩම්වල තේක්ක දැව කැපීමත්, මැටි බොරලූ සොරෙන් කපා පැටවීමත්ය.
මෙම ජාවාරම්ද ජාවාරම්කරුවන්ද මැඬලීමට නිරතුරුව ක‍්‍රියා කළ ඔහු වාහනද, උපකරණද, ජාවාරම්කරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
ජාවාරම්කරුවන් සිටියේ ඔහු සම`ග නයි වෛරයෙනි. අල්ලස් දී හෝ ගෑනුන් දී ඔහු නම්මවා ගත නොහැකි බව ජාවාරම්කරුවෝ අවබෝධ කරගෙන සිටියහ.
එනිසාම ඔවුන් නිරතුරුවම සිටියේ මේ වධකාර නිලධාරියාට කොයි මොහොතක හෝ වැඩක් දෙන්නටය. අතුරුදන් කරන්නටය. ප‍්‍රදීප් ඒ කිසිවකටත් කිසිවෙකුටත් බිය නොවීය. ඔහු තම රාජකාරිය හිතට හදට එක`ගවත් අවංකවත් ඉටුකර ගෙන ගියේය.
දිනය, 2006 මාර්තු 30 වැනිදාය. ඒ වන විටත් පැවැති ප‍්‍රාදේශීය සභා මැතිවරණයක මැතිවරණ රාජකාරි වල ප‍්‍රදීප් ඇතුළු පොලිස් නිලධාරීහු නියැළී සිටියහ. දැදුරුඔයේ නීති විරෝධී ලෙස වැලි කැණීම් කරන බවට ලද දැනුම්දීමක් පරිදි ඔහු එදින සවස 4-5 ට පමණ තවත් නිලධාරීන් දෙදෙනෙක් සම`ග නීරාලියද්ද ග‍්‍රාමසේවා වසමේ සංහන්දලූව නමැති දැදුරුඔය අසබඩ ගමට, මංකඩට ජීප් රථයෙන් පැමිණුණි. මේ වන විට ලෝඩරයකින් ටිපර් රථ කීපයකට වැලි පටවමින්ද ප‍්‍රවාහනය කරමින්ද තිබිණි. දැදුරුඔයේ වැලි තලාවේ 15-20 ක් පමණ පිරිසක් මෙම ක‍්‍රියාවෙහි නිරත වී සිටියහ. ඔහු එහි යන විට පිරිසක් පලා ගිය අතර නායකයා වන සිසිර ද තවත් කීප දෙනෙක්ද, ලෝඩරයද. ටිපර් රථද අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සිසිරගේ ජංගම දුරකථනයද ප‍්‍රදීප් අත්අඩංගුවට ගත් අතර එයට මොහොතකින් දුරකථන ඇමතුමක් ලැබුණි. ප‍්‍රදීප් කළේ එය සිසිර වෙත යොමු කිරීමයි. සිසිර පිළිතුරු දුන්නේ රස්නායකපුර සර්ලා මාව අරන් යනවා කියායි. ඉන් අනතුරුව ඔහු ප‍්‍රදීප්ට සර් අපේ කොල්ලෝ මොනවා කරයිද දන්නේ නැහැ පවසමින් බිම ඉඳ ගත්තේය. සිසිර එසවීමට උත්සාහ ගන්නා අතරතුර දැදුරුඔයේ එහා ගොඬේ සිට වාහන කීපයකින් පැමිණි පිරිසක් ප‍්‍රදීප් හා සිසිරව වට කර ගත්හ. බීමතින් සිටි පිරිස අඩෝ සිසිරව දීලා පලයව් සිසිරව අරන් යන්ඩ දෙන්නේ නෑ කියමින් තර්ජනය කළහ. පැමිණි පිරිස් අත සවල් ද පොලූද තිබූ නිසා ප‍්‍රදීප් තම පොලිස් නිලධාරියාගෙන් පොලිස් ගිනි අවිය ඉල්ලීය.
අජිත් පොලිස් නිලධාරියා ගිනි අවිය දීමට තැත් කරද්දී පිරිස ඔහුට පහර දෙමින් ගිනි අවිය උදුරා ගත්හ. එවිටම සිසිර ප‍්‍රදීප්ට සවලක් රැගෙන හිස් මුදුනට පහරක් එල්ල කළේය. ඉන්පසු පැමිණි පිිරිස සැවොම ප‍්‍රදීප්ට පොලූ හා සවල් වලින් ඇති වන තුරු පහර දුන්හ.
ප‍්‍රදීප් තනිවම සටන් කළද ඔහුට එල්ලවූ ප‍්‍රහාර දැඩි විය. ප‍්‍රදීප්ගේ හිසෙන්, මූණෙන්, සිරුරෙන් සෑම තැනින් රුධිර ධාරා ගලන්නට පටන් ගති. අවසන ඔහුට සිහිය නැතිවුණි. අරූ මැරුණා දුවමු යයි පිරිස ලේ ගලමින් ඇද වැටී සිටි ප‍්‍රදීප් දමා වාහනද රැගෙන පලා ගියහ.
පහර කෑ ඉතිරි පොලිස් නිලධාරීන් දෙදෙනා තම පොලිස් ස්ථානාධිපතිවරයා වහා රැගෙන විත් නිකවැරටිය රෝහලට ඇතුළත් කළහ.
අනතුරුව කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී. ඔහු දින අටක් සිහිසුන්ව සිටියේය. අනතුරුව පොලිස් රෝහලේ ද ප‍්‍රතිකාර ලැබූ ඔහු මරණය පෙනි පෙනී තිබියදී දෛවයේ ඉරණම හා වාසනාව පරිදි මරණය අතහැර යළි ජීවත්වීමේ වරම් ලබා ගත්තේය.
අපරාධකරුවන් විසිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඔවුනට අධිකරණ ක‍්‍රියා මාර්ග ගත්තද එය අපරාධයට සෑහෙන ක‍්‍රියාවක් නොවීය. එහෙයින් ප‍්‍රදීප් කාරුණාධාර තමාට වූ බරපතළ තුවාල හා හානිය වශයෙන් වන්දි මුදල් ඉල්ලා යළි අධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී. එහි ප‍්‍රතිඵලය වසර ගණනාවකට වසර දාහතරකට (14) පසු ඔහුට අත්පත් විණි.

ප‍්‍රදීප් කරුණාධීර

මම සිසිරව අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිිසිරගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා.
බරපතළ වරදක් කළ පුද්ගලයෙක් ලෙස සළකන්න වුවමනා නොවූ නිසා දුරකථනය සිසිරට දුන්නා. රස්නායකපුර සර්ලා මාව අරන් යනවා කියලා ඔහු සර් අපේ කොල්ලෝ මොනවා කරයිද දන්නේ නෑ කියලා බිම ඉඳ ගත්තා.
එහා ඉවුරෙන් ආපු පිරිස ක්‍ෂණිකව අපිව වට කරලා හිට ගත්තා. මට හිතුනා බීමතින් ඉන්න අය කියලා. මම රස්නායකපුර OIC කියලා සිසිරගේ අයිඩෙන්ටිය ගේන්න කිව්වා. කවුරුත් අවනත වුණේ නැහැ සිසිරව දීලා පලයව් කියලා පිරිස කලබලකාරී ලෙස හැසිරුණා.
අජිත්ගෙන් තුවක්කුව ඉල්ලූවා සිසිර එවිට සවලක් ගෙන මගේ හිස් මුදුනට ගැහුවා. වටේ සිටි අයත් ගැහුවා. මට සිහිය නැතිවෙලා.

පො. කො. 34846 ඞී. ඒ. රෝහණ දේවසිංහ
සියලූ දෙනාම OIC මහතාට පහර දුන්නා සිසිරද ගැහුවා OIC මහතා බිම වැටුණා. සිසිර කෑ ගැහුවා මරපල්ලා කියලා.
පොලිස් කොස්තාපල් අජිත් සම`ග කීප දෙනෙක් ඔට්ටු වුණා තුවක්කුව ගන්න. ඔහුටත් ගැහුවා. ඔහු සිහි නැතිව වැටුණා.
මටත් පහර දුන්නා. මගේ අතේ ආයුධයක් තිබුණේ නැහැ. මේකව මරපල්ලා’’ කියලා සිසිර කෑ ගගහ අනිත් අය සම`ග O.I.C මහතාට ගැහුවා. පස්සේ ‘‘ඒයි වරෙල්ලා මැරිලා’’ කිය කිය කෑ ගැහුවා. දිව්වා.

පො. කො. 55044 කේ. අජිත් කුමාර
වැලි ගොඩට දාපු පිරිස් අප දැකලා දිව්වා. සිසිර අත්අඩංගුවට ගන්නා. ඔහු බැකෝ යන්ත‍්‍රය රැගෙන යන්න එපා යයි කීවා. පිරිස හා සිසිර O.I.C මහතාට ‘‘ ඕකට ගහපියව්’’ කියා අහුවෙන අහුවෙන දේවලින් පහර දුන්නා. මා ළ`ග තුවක්කුව තිබුණත් O.I.C මහතා අණ දෙන්නේ නැතිව එය පාවිච්චි කරන්න බැහැ. O.I.C මහතා ගිනි අවිය ඉල්ලද්දී, මටත් ගහලා තුවක්කුව ගත්තා.

සිවිල් සාක්‍ෂිකරු ආරච්චිලාගේ චන්ද්‍රසේන
2006 ප‍්‍රාදේශීය සභා මැතිවරණයට මම ඡන්දය ප‍්‍රකාශ කොට සවස 6.30 ට පමණ දැදුරුඔයට දිය නෑමට පැමිණියා. වැලි මංකඬේ ඝෝෂාවක් තිබුණා. පොලිසියත් හිටියා. පහදන්න බැරි සෙන`ගක් හිටියා. අපිට කරදර වෙන්න වෙයි කියලා ඉක්මනින් ගොඩ වුණා.
සිසිර මහත්තයගේ පිරිස තමයි වැලි ගොඩදැම්මේ. මම ගොඩ එන්නට හදන කොට නිලධාරියෙක් කෑ ගහගෙන ආවා. කලබලේ, මම දුවලා. පොලිස් ඇඳුම් ඇඳගෙන, ලේ පෙරාගෙන හිටි O.I.C මහත්තයා ඇදගෙන ඇදගෙන ආවා.’’

විශේෂඥ වෛද්‍ය නවීන්ද්‍ර ප‍්‍රිය දයාසේන

මම උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛදවරයෙක් ලෙස සේවය කරනවා. මට වසර 23 (විසිතුනක) පළපුරුද්දක් තිබෙනවා. තුවාලකරුගේ ලලාට අස්ථිය බිඳීමක්, සහ මොළයට ලේ ගැලීම නිසා ලේ පිරීම හේතුවෙන් මොළය ඉදිමී ඇති බවත්, දකුණු ඇසට බරපතළ හානි සිදුවීම නිසා ඇස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්, කන ආශ‍්‍රිතව ලේ ගැලීමක් සිදු වී නාසයෙන් සහ උගුරට ලේ ගැලීමක් සිදු වී ඇති බවත් නිරීක්‍ෂණය කළා. පරීක්‍ෂණ කළා.
කනෙන්, උගුරෙන් විශාල වශයෙන් ලේ ගැලීමක් සිදු වෙලා තිබෙනවා. හිසට හා මුහුණට පහරදීම සිදු වූ අවස්ථාවේ තුවාලකරුගේ මොළයට අධික කම්පනයක් වෙන්න පුළුවන්. මේ නිසා මොළයෙන් කොටසක් මිය යන්න තරම් ස්නායුවල කැඞීම නිසා සිදු වෙන්න පුළුවන්.
ඒ නිසා මා හිතනවා. මේ පුද්ගලයාගේ කන් ඇසීමේ තත්ත්වය අඩු වීමත්, නාසයෙන් ගඳ – සුවඳ දැනීමේ තත්ත්වය සම්පූර්ණයෙන්ම නැතිවීම මේ බරපතළ පහරදීම නිසා සිදුවුණා කියලා. ඒ අනුව මුහුණේ අස්ථි ටයිටේනියම් ප්ලේට් යොදා බද්ධ කර තිබෙනවා.

ප‍්‍රදීප් කරුණාධීර

මේ පහර දීමෙන් මගේ මුහුණට හිසට බරපතළ තුවාල වෙලා හානි වෙලා. ජාතික රෝහලේ, ඇස් රෝහලේ, දත් රෝහලේ ප‍්‍රතිකාර ගත්තා. දකුණු ඇස සම්පූර්ණයෙන් අන්ධ වෙලා. දත් 11 ක් අහිමි වී කෘත්‍රිම දත් දමා තිබෙනවා. හනු ආබාධයි. ගඳ සුවඳ දැනීමේ හැකියාව සම්පූර්ණයෙන් අහිමියි. මුහුණ විකෘති වෙලා.
ප‍්‍රදීප් ඉන්පසු කියන්නේ කාගේත් හද කකියවන ප‍්‍රකාශනයක්. මේ සැබෑ ආදරය දැයි සිතෙයි. මා ආදරය කළ මාරවිල ප‍්‍රදේශයේ ආදර වන්තිය සම`ග මා විවාහ ගිවිසගෙන මේ වන කොට සිටියේ. වෙඩින් කාඞ් පත් පවා සකස් කර තිබුණා.
සිද්ධිය වන විට ඇය විදේශ ගතවයි සිටියේ. ඒ නිසා මට මේ තරම් හානිවුණා. කියා ඇය දැන සිට නැහැ. මට ඇහැක් දාලා, දත් දාලා කියා ඇය දැන සිටියේ නැහැ. දැනගත් පසු ඇය අකැමැති වුණා. විවාහයෙන් වසරකට පසු බිරිඳගේ පාර්ශ්වයෙන් දික්කසාද නඩුවක් දමා තිබුණා. ඇය වෙන් වුණා.
ඉදිරිපත් වූ සියලූ සාක්‍ෂි සම්පිණ්ඩනය කරන නිකවැරටිය දිසා විනිසුරුවරිය වූ ඩබ්. එම්. එස්. එල්. දසනායක මහත්මිය මෙසේ සිය නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරයි.
ඉහත කී සියලූ සාක්‍ෂි විශ්ලේෂණාත්මකව සළකා බැලීමේදී විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර ඇති සාක්‍ෂි විශ්වසනීයත්වයෙන් තොර බවට නිරීක්‍ෂණය වෙයි. විත්තිකරු වන්ගේ පහරදීම හේතුවෙන් පැමිණිලිකරුට සිදු වූ බරපතළ තුවාල හේතු කොට ගෙන ඇති වූ මානසික පීඩාව හා ශාරීරික වේදනාව හා හානිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ගෙන් වන්දි අයකරවා ගැනීමේ හැකියාව පවතින බව නිරීක්‍ෂණය කරමි. ඉපයීමේ හැකියාව 75% කින් අහිමි වී තිබීමද අධිකරණය බැහැර නොකරයි.
තරුණ වයසේ පසුවන තැනැත්තෙකු වශයෙන් ස්ථිර දුබලතාවයන් සම`ග ජීවිත කාලය ගත කිරීමට සිදු වීමෙන් සිදු වී ඇති ශාරීරික වේදනාව හා පීඩාව ගණනය කිරීමේ හැකියාවක් නොමැති බැවින් සාධාරණ ලෙස සළකා බැලීමේ හැකියාවක් පමණක් පවතින බව නිරීක්‍ෂණය කරමි.
මෙකී කරුණු සම`ග මෙම පැමිණිලිකරුගේ (ප‍්‍රදීප්ගේ) දකුණු ඇස අහිමි වී තිබීම මුඛයේ දත් 11 ක් අහිමි වීම, එබැවින් ආහාර ගැනීමට හා ආහාර සැපීමට, අපහසු වීම හකුඇට හා හනු හානිවීමෙන් මුඛය සාමාන්‍ය පරිදි විවෘත කිරීමට අපහසු වීම ආදී කරුණුවලට රුපියල් ලක්‍ෂ 50 (පණහක්) වන්දි වශයෙන්ද පැමිණිලිකරුට ස්ථිර වශයෙන්ම ගඳ සුවඳ ආඝ‍්‍රාණය කිරීමට නොහැකි ස්ථිර ආබාධිත තත්ත්වයට පත් වීම, සාමාන්‍ය කටයුතුවලදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි වීම සියයට පහළොවක (15%) ශ‍්‍රවණ ආබාධිත තත්ත්වය ස්ථීරව ජීවිත කාලය පුරාම පැවැතීම යන කරුණු සළකා බලා රුපියල් ලක්‍ෂ පණහක (50) වන්දි මුදලක්ද, තරුණ අවධියේ සිටියදී සදාකාලික විරූපී තත්ත්වයට පත් වී ස්ථීර ආබාධිත තත්ත්වයට පත්වීමද අනාගත අභිවෘද්ධියට හා පෞද්ගලික අනාගත ජීවිතයට සිදු වී ඇති සියලූ හානි පාඩු සළකා බැලීමේදී රුපියල් ලක්‍ෂ 25 (විසිපහක්) වශයෙන්ද සම්පූර්ණ වන්දි මුදල ලක්‍ෂ (125) එකසිය විසිපහක් විත්තිකරුවන් එක්ව හා හෝ වෙන් වෙන්ව පැමිණිලිකරුට ගෙවිය යුතු බවට තීරණය කරමි. තවද තීන්දුව ප‍්‍රකාශිත දින (2020/01/07) සිට මුදල ගෙවන දින දක්වා නෛතික පොළියද පැමිණිලිකරුට අයකර ගත හැකි බවට තීරණය කරමි.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!