Gossip

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුණු කතාව ඇත්තක්ද? නැත්නම් උපාධි ප්‍රදානෝත්සවය අතරතුර කරපු නිවේදනයක් නිසා එසේ කළාද?

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයකින් පසුව ගත් ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙන්න අරන් තියෙනවා.

ඒ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු එම ශාලාව තිබූ ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක්.

ලංකාවේ කීර්තිමත්ම විශ්වවිද්‍යාලයකින් උපාධි,පශ්චාත් උපාධි ලබාගන්නා පිරිස් වල තත්ත්වය මෙසේනම් අනෙක් අය ගැන කතා කරලා වැඩක් නෑ කියල තමයි මේකට අදහස් දක්වමින් බොහෝ අය කියන්නේ.

කොහොමවුණත් විශ්ව විද්‍යාලයේ සමහර අයනම් මේකට කියලා තියෙන්නේ උපාධි ප්‍රදානෝත්සවය අතරතුර ඒ අයම කළ නිවේදනයක් නිසා මෙය සිදු කළා කියලායි.

“ලබාදෙන ද්‍රව්‍යවලින් ඉතිරි වන අපද්‍රව්‍ය බැහැරට රැගෙන යන්න එපා. එය විශ්ව විද්‍යාලයේ පිටත පිරිසිදුබාවයට හානිවන නිසා එය තමා ඉන්න ස්ථානයේම තබායන්න. එය පිරිසිදු කරන සේවකයන් හටද පහසුවක් නිසා” කියලා නිවේදනය කළා කියල තමයි සමහරු නම් පවසන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!