Gossip

පෙම්වතා සහ ඔහුගේ යාළුවන් දෙදෙනෙක්ගේ ගොදුරක් බවට පත්වූ අවුරුදු 14ක දැරිය ගෙල වැලලාගන්න කලින් ලිව්ව සංවේදී ලිපිය

දැන් හැමතැනම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි දූෂණයට ලක්කරපු කතා සහ අපරාධ ගැන.

අපි මේ කියන්න යන්නේ තවත් ඇහුණු එහෙම කතාවක් ගැන.

මේ පුවත වාර්තා වුනේ තිස්සමහාරාම, ගෝනගමුව ප්‍රදේශයෙන්.

වයස අවුරුදු 14 ක සිසුවියක් සමූහ දූෂණයට ලක්වෙලා තියෙනවා. මේ සිසුවිය දූෂණය කිරීමේ චෝදනාව එල්ල වී ඇත්තේ ඇගේ 23 හැවිරිදි පෙම්වතාට සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුටයි.

අනෙක් දෙදෙනා අවරුදු 18 සහ 20 යන වයස්වල පසුවන බවටයි වාර්තා වුණේ.

අදාළ තරුණයින් එම සිසුවියගේ නිවස ආසන්නයේ මත්පැන් පානය කර ඉන් පසුව සිසුවිය දූෂණය ලක්කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

කෙසේවෙතත් මෙම දැරිය දූෂණය වූ දිනට පසු දින ඇය සියදිවිනසා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

ඇය පදිංචි නිවස අසල කොහොඹ ගසක ගෙල වැළලාගන්න උත්සාහ කරන අයුරු ඇගේ සොහොයුරා විසින් දැක ඒ බව සිය පවුලේ අයට කියා තිබෙනවා.

අනතුරුව ඇයව හම්බන්තොට මහරෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිය දිවි හානි කර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියක් ද හමුවී ඇති අතර, තරුණයන් තුන්දෙනා සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇති බවයි පොලීසිය සඳහන් කර ඇත්තේ.

පසුව මෙම තරුණයන් තුන්දෙනා යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටියදී ප්‍රදේශවාසීන් විසින් 11 වනදා අලුයම අල්ලා ගෙන පොලිසියට භාර දී තිබෙන අතර , ඔවුන් තිදෙනාට ප්‍රදේශවාසීන් විසින් පහර දී තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ මෙම තරුණයින් තිදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ දෙබරවැව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වනවා.

මෙලෙසින් සමූහ දූෂණයට ලක්වූ දැරිය මේවන විට හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

සියදිවි හානිකර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියූ ලිපියෙහි මෙලෙස සඳහන් වනවා.

“මම හිටියේ හොඳින් ඉගෙනගෙන ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක් වන්න. මට ඒ හීනේ නැතිවුණා. මම මගේ පවුලේ ඔක්කොටොමත් මගේ නෑදෑයින්ටත් ආදරෙයි. මම හිච්චා එක්ක යාළුවෙලා හිටියේ. ඌ මට බොරුවක් කළේ. ඌ තමයි අරුන් දෙන්නට කියලා මාව විනාශ කළේ. මට ගොඩක් දුකයි. මට මගේ පවුලේ අයට ලැජ්ජා කරලා ජීවත්වෙන්න බෑ”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!