Gossip

පුබුදුගේ බිරිඳ වූ මාෂි ආයෙත් පෙම්වතියක් වෙයි

පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ මෑත කාලයේ වඩාත් ජනප්‍රියත්වයට පත්වූ යුවළක්. පසුගියදා මොවුන් දෙදෙනා යුග දිවියටත් එළඹුණා. ඉතින් මාෂිත් දැන් රංගන ක්ෂේත්‍රයට යොමු වෙනවා කියලා තමයි පුබුදු සතිඅන්ත පුවත්පතක් හමුවේ කියලා තිබුනේ. ඒ අනුව ඔවුන් දෙදෙනා කලා ලොවෙත් පෙම්වතුන් වෙයි. ඒ ගැන පුබුදු කියලා තිබුණේ මේ විදියට.

විවාහ වුණාට පස්සේ පුබුදුට ඇයි හදිසියේම හිතුණේ කොණ්ඩය හිටවන්න ඕනේ කියලා
මීට පෙර මම රඟ පෑ චරිත නිසා මගේ කොණ්ඩය ඩැමේජ් වෙලයි තිබුණේ. ඉතිං මට ඕන වුණා මගේ කොණ්ඩේ යළි පිළිසකර කරන්න. නළුවෙක් නිසා මම කොණ්ඩෙ ස්ප්‍රේ පාවිච්චි කරනවා. වෙස් ගන්වද්දී තවත් කෙමිකල්ස් පාවිච්චි කරන්නත් වෙනවා. ඔය විදියට බලද්දී නළු නිළියන්ගේ කොණ්ඩේ යෑමේ අවදානම වැඩියි. හැබැයි ඔය විදියට කොණ්ඩේ ගියාම අපිට සමහර චරිත කරන්න බැරි වෙනවා. එතකොට අපිට විග් දාන්න වෙනවා. මම විග් දාන්න කැමති නැහැ. සොබාවිකත්වයට කැමති කෙනෙක් විදියට මම මේකට ක්‍රමයක් හොය හොයා හිටියේ. ඔය අතරේ තමයි මගේ මිතුරන් කිහිප දෙනෙකු මේ විදිහට තමන්ගේ කොණ්ඩය සිටවා ගත්තේ.ඉතින් මම ඔය විස්තරය බිරිඳ මාෂිටත් කිව්වා. එයත් මේ වැඩේට කැමති වුණා. අන්තිමට මමත් කොණ්ඩය සිටුවා ගත්තා.

පුබුදුගේ කොණ්ඩේ හිටවන ඡායාරූප දැන් අන්තර්ජාලයේත් සැරිසරනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර එහෙම?
ගොඩක් වේලාවට අපි භාවිත කරන කෙමිකල්ස්, ඒ වගේම කාලගුණය, අව්වත් එක්ක අපේ රටේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝ දෙනෙකුගේ කොණ්ඩෙට හානි වෙලා තියෙනවා. ඉතිං ගොඩක් දෙනා මගේ ෆොටෝස් දැකලා ඇහුවා පුබුදු කොහොමද කොණ්ඩේ හිටෙව්වේ… අපිටත් කරගන්න ඕනේ…. කොහොමද මිල ගණන් එහෙම කියලා. ඉතින් මම ඒ අයට යායුතු නිවැරදි මාර්ගය පෙන්වා දුන්නා.

ඔය විදියට කොණ්ඩය හිටවන කොට වේදනාවක් දැනෙනවාද?
කුහුඹියෙක් කනවා වගේ තමයි දැනෙන්නේ. හැබැයි ඒක ලොකු වේදනාවක් නෙවෙයි. හැබැයි මාෂී නම් ගොඩාක් බය වුණා කොණ්ඩේ හිටවන්නත් කලින්ම මට රිදෙයි කියලා. පස්සේ එයාගේ බය නැතිවුණා.

විවාහයෙන් පස්සේ පුබුදු – මාෂී සමරපු පළවෙනි අලුත් අවුරුද්ද බොහෝම සුන්දර ඇති නේද?
සුන්දරයි… සුන්දරයි… (හිනැහී) මෙවර අලුත් අවුරුද්ද තමයි අපි දෙන්නට පවුලක් විදිහට සමරන්න ලැබුණේ. ඉතින් මේ සමරපු අවුරුද්දේ අපි දෙන්නටම බොහෝම ආදරණීය මතක ගොඩක් ඉතිරි වුණා. ඇත්තටම මේ උදාවුණේ ආදරයෙන් පිරුණු අවුරුද්දක්. ආදරය කරපු දෙන්නෙක් ළංවෙලා අවුරුදු සමරන එක ඇත්තටම ලස්සනයි. අලුත බැඳපු ජෝඩුවක් නිසා තවමත් අපි නෑදැ ගෙවල්වල යනවා.

පුබුදුගේ බිරිඳත් ලස්සන හැඩකාරියක් නිසා කැමති නැද්ද ඇයවත් රංගන ක්‍ෂේත්‍රයට යොමු කරවන්න?
මාෂීත් එක්ක රඟපාන්න මටත් ආසයි. එයත් එහෙමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි දෙන්නා ඉදිරියේදී එකට රඟපානවා. මාව සිනමාවට රැගෙන ආපු මගේ පළවෙනි ගුරුවරයා උදයකාන්ත වර්ණසූරිය මහත්මයත් එක්ක එකතු වෙලා මම පිටපතක් ලිව්වා. මාෂි නිළියක් වෙන්නේ අන්න ඒ චිත්‍රපටයෙන්.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!